Colombo Today Local News

“අර්ජුන් මහෙන්ද්‍රන් වංචාකාරයෙක්.. හොරු රකින අය ගැන ජනතාව බලාගනී“ – මහින්ද අමරවීර

Mahinda amaraveera

මහ බැංකුවේ සිදුවූ බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට එරෙහිව ඇති චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂා කරන කෝප් කමිටුවේ සාමාජිකයන් ඔහුගේ දේශපාලනය හා ඔහුගේ පෞද්ගලිකත්වය ගැන නොසලකා ඔහු වංචාකාරයෙක් ලෙස නම් කළ යුතු බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

ඔහු මේ අදහස් දැක්වූයේ ඊයේ (19) දින තංගල්ල කුඩාවැල්ලේ පැවති උත්සවයටක සහභාගී වෙමිනි.

ලක්ෂමන් කිරිඇල්ල අමාත්‍යවරයා පසුගිය සති අන්තයේ පුවත්පතකට පවසා සිටියේ අර්ජුන් මහේන්ද්‍රන් මහතා සම්බන්ධයෙන් කෝප් කමිටුවේ වාර්තාව බෙදුණු වාර්තාවක් වෙන බවයි. ඒ සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් අමාත්‍යවරයා මේ බව පැවසීය.

කෝප් කමිටු සාමාජිකයන් පක්ෂ බේදයකින් තොරව මෙම පරීක්ෂණ සඳහා සහය දිය යුතුයි. මම දන්න විදිහට හිටපු මහ බැංකු අධිපතිවරයා සම්බන්ධයෙන් චෝදනා ගණනාවක් ඉදිරිපත් වෙලා තියෙනවා. ඔහු ඉවත් කිරීම සඳහා අපි දිගු අරගලයක් ආණ්ඩුව තුළ ගෙන ගියා. දේශපාලකයා සැබෑ මහජන නියෝජිතයෙකු වන්නේ හොරු ආරක්ෂා කිරීමට කටයුතු කිරීමෙන් නොව කවුරුන් හෝ සුළු හෝ වංචාවක් කර තිබේ නම් ඔවුන්ට දඬුවම් දීමට ක්‍රියා කිරීමෙන් බවත්, නොඑසේනම් දේශපාලකයන්ට ජනතාව දඬුවම් දෙන බවත් සිහිතබා ගත යුතුයි. යනුවෙන් ද අමාත්‍යවරයා පැවසීය.

Related posts

හිටපු ජනපති මහින්ද – චීන ජනපති එක්ව වරාය නගරය වැඩ ඇරඹූ සමරු ඵලකය ගලවා ඉවත් කරයි

colombotoday

මාතරදී යාචකයෙකුගෙන් රෝස් පාන් දන්සලක්

colombotoday

“අලුත්කඩේ නඩුකාරයා කුඩුකාරයෙක්” – නියෝජ්‍ය ඇමති රන්ජන්

colombotoday

ගුවන් ගමන් අත්හිටුවීම මැයි 15 තෙක් දිගු කරයි

colombotoday

ඡන්ද නොතියන ඇමති ෆයිසර්ට එරෙහිව විශ්වාසභංගයක්.. බහුතරය දැනටමත් ලෑස්තියි !

colombotoday

සුබසාධන ප්‍රතිලාභ ලබාදෙන අය ගැන තවත් හොයයි

Admin