Colombo Today Local News

කොම්පඤ්ඤවීදියේ කර්මාන්ත ශාලාවකින් අසාමාන්‍ය කොවිඩ් ප්‍රභේදයක් ආසාදිතයෙකු හදුනා ගනී

කොළඹ දෙක කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක වැඩ බිමක සිටි පුද්ගලයකුට කළ පීසීආර් පරික්ෂණයකින් ඔහුට අසාමාන්‍ය කොවිඩ් ප්‍රභේදයක් ආසාදිත වී ඇති බවට හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පැවසීය.

ඔහුට වැලඳී ඇති ප්‍රභේදය ඩෙල්ටා හෝ වෙනත් නව කොවිඩ් ප්‍රභේදයක් විය හැකි බවට සැක මතුවන බව ඊයේ (21)දින සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවේදි මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් හෙතෙම සඳහන් කළේය.

මෙම පුද්ගලයාට වැලඳී ඇත්තේ කුමන වෛරස් ප්‍රභේදයද යන්න පිළිබඳව මෙතෙක් තහවුරු කර නොමැති බවත් ඔහුගේ ජෛව සාම්පලය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදුකරන බවත් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් ප්‍රකාශ කරයි.

මෙම අසාමාන්‍ය කොවිඩ් ප්‍රභේදය හමුවීමත් සමග ආසාදිතයා පදිංචි මාදිවෙල ප්‍රගතිපුර ප්‍රදේශයේ සිදුකරන පරික්ෂණ වැඩිකිරීමට තීරණය කර තිබේ.

එසේම දෙමටගොඩ 66 වත්ත ප්‍රදේශයේ පිරිසකට ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ආසාදිත වූයේ කෙසේද යන්න පිළිබඳව මෙතෙක් තහවුරු වී නැත.

රටවල් අසූවක පමණ මෙම ඩෙල්ටාප්‍රභේදය පවතින නිසා එම රටවල් වලින් ඉදිරියේදි මෙම ප්‍රභේදය මෙරටට පැමිණීමේ අවදානම ඇති බවද සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් වැඩිදුරටත් කියා සිටියේය.

Related posts

අස්වැසුම දෙවන අදියර ආරම්භ වේ.

Admin

චම්පික රණවකට එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ධුරයක් ?

colombotoday

මෙරට ක්‍රීඩා ඉතිහාසය අලුත් කළ දිනේෂ් ප්‍රියන්තට උසස්වීමක්

colombotoday

ඇවන්ට්ගාඩ් සිද්ධියේ කිසිවක් නීතිවිරෝධී නෑ, පොලීසිය නැවට පැන්නේ ලකුණු දාගන්නයි – පොලිසිය භාර ඇමති

colombotoday

පාසල් දැරියකගේ සහ තරුණයෙකුගේ සිරුරු දෙකක් පාලු නිවසකින් හමු වෙයි

Admin

‘වල්බූරු නිදහස’ නිර්ණය කරන්න ‘වල් බූරුවකුට’ දුන්නොත් කුමක් වෙයිද? – වාසු කියයි

colombotoday