Colombo Today Local News

අපි ‘Adult’s only‘ පෙන්වන්නේ ලෝක සම්මතයන් අනුවයි.. සතුටුවන්න, වෙනස විදගන්න“ – ITN සභාපති

itn-adults-only

අනෙකුත් නාලිකා විසින් වැඩිහිටියන්ට වඩාත් සුදුසු වැඩසටහන් කලින් නොදන්වාම ප්‍රචාරය කළත් ස්වාධීන රූපවාහිනී සේවය එසේ නොකරන බවත්, පෙර දැනුම් දීම් සහිතව සම්මාන දිනූ “වැඩිහිටියන්ට පමණක් සුදුසු“ විදේශීය වැඩසටහන් විකාශය කිරීමට සැලසුම් කර තිබෙන බවත් එහි සභාපති, අගමැති අතිරේක ලේකම් සමන් අතාවුද හෙට්ටි මහතා පවසයි.

“වැඩිහිටියන්ට පමණයි“ ලේබලය යටතේ වැඩසටහන් විකාශ කිරීමට ස්වාධීන රූපවාහිනියේ පවතින සූදානම පිළිබදව වෙබ් අඩවියක් සමග අදහස් දක්වමිනුයි සභාපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත්තේ.

” ඔව් අපි යම් වෙනසක් සිදුකරනවා, ඒ වෙනස දකින්න අහන්න ITN බලන්න. වැඩිහිටියන්ට සුදුසුයි කියන්නේ මේ සමහර දේවල් තියනවා ළමා මනසට ගෝචර නොවන, ළමයින්ට නොගැළපෙන ප්‍රස්තූත තියෙන වැඩසටහන්. ඒක නිසායි කලින් දැනුම් දීමක් සිදුකරන්නේ. මේක ලෝක සම්මත ආචාරධර්මයන්ට අනුව කෙරෙන දෙයක්. එකට කවුරුවත් කළබල වෙන්න ඕනේ නැහැ. මේවගේ දේකට සතුටු වෙන්නයි ඕනේ.

අපිට උසස් රසවින්ඳනයක් තියෙන ප්‍රේක්ෂකයින් පිරිසක් ඉන්නවා. මේක අලුත් අත්දැකීමක් වේවි’ යැයි සමන් අතාවුදහෙට්ටි මහතා වැඩිදුරටත් ප්‍රකාශකර ඇත.

Related posts

අයිස් සමග සැකකරුවන් 3 ක් දැලේ

colombotoday

දිස්ත්‍රික් දහයක ඩෙංගු අධි අවදානමක්

colombotoday

මෝටර් රථයක් පාපැදියක ගැටී අයෙක් මියයයි

Admin

කිලෝ 60ක මත්කුඩු සමග 9ක් අත්අඩංගුවට

colombotoday

එළඹෙන මාසයේ සිට ඉන්ධන කෝටාවේ වෙනසක්

Admin

බන්ධනාගාර නිලධාරීන්ට ආරක්ෂක ලේකම්ගෙන් රතු එළියක්

colombotoday