Colombo Today Local News

“සිංහල ජනාවාස, බුදු පිළිම උතුරට එපා“ විග්නේශ්වරන්ගේ නායකත්වයෙන් 24 දා විරෝධතා තුනක්

vig3උතුරු පළාතේ සිංහල ජනාවාස අලුතින් බිහි කිරීම නවතා දමන ලෙසට හා බෞද්ධ ජනතාව නොමැති ස්‌ථාන තුළ අලුතින් බුදු පිළිම හා බුදු මැඳුරු ස්‌ථාපිත කිරීමට විරුද්ධව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී. වී. විග්නේෂ්වරන් මහතාගේ නායකත්වයෙන් යුතු දෙමළ මහජන සභාව එළැඹෙන 24 වැනිදා යාපනය නගරයේ ස්‌ථාන තුනක විරෝධතා වැඩසටහනක්‌ පවත්වන බැව් ඊ. පී. ආර්. එල්. එෆ්. පක්‍ෂ නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍ර මහතා පැවසීය.

සුරේෂ් ප්‍රේමචන්ද්‍ර මහතා පැවසුවේ උතුරු පළාත් සිංහල ජනාවාස අලුතින් බිහිකිරීම නවතා දැමීම, බෞද්ධ ජනතාව නොමැති ස්‌ථාන තුළ අලුතින් බුදු පිළිම හා බුදු මැඳුරු ස්‌ථාපිත කිරීම නවතා දැමීම හා ආරක්‍ෂක අංශ සතු උතුරේ සිවිල් ජනතාවගේ ඉඩම් නිදහස්‌ කිරීම, දේශපාලන සිරකරුවන් නිදහස්‌ කිරීම, අතුරුදන්වූවන් සොයාදෙන ලෙසට ඉල්ලීම යන කරුණු මුල් කරමින් මහා විරෝධතා වැඩසටහනක්‌ පවත්වන බවයි.

යාපනය තිරුනෙල්වේලි, කල්වියන්කාඩු හා යාපනය දිස්‌ත්‍රික්‌ ලේකම් කාර්යාලය ඉදිරිපිට අදාළ විරෝධතා වැඩසටහන් ආරම්භ කිරීමට නියමිත බැව්ද හෙතෙම පැවසුවේය.

වවුනියාව, බෝගස්‌වැව, නාමල්ගම ඇතුළු වවුනියාව දිස්‌ත්‍රික්‌කයේ අලුතින් බිහිකළ සිංහල ගම්මාන, මන්නාරම හා යාපනය දිස්‌ත්‍රික්‌ක තුළ පිහිටුවා ඇති නව සිංහල ගම්මාන සියල්ල ඉවත් කළ යුතු බවට විරෝධතාවයේදී ඉල්ලීම් කිරීමට නියමිත බැව්ද හෙතෙම සඳහන් කළේය.

දෙමළ මහජන සභාවේ නායක උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී. වී. විග්නේෂ්වරන් මහතා, දෙමළ මහජන සභාව සංවිධානය තුළ ඇති දේශපාලන පක්‍ෂ නායකයන්, දෙමළ මහජන සභාව සංවිධානයේ සාමාජිකයන්, අතුරුදන්වූවන්ගේ ඥතීන්, සිවිල් සංවිධාන නියෝජිතයන්, උතුරු පළාත් ජනතාව අදාළ විරෝධතා වැඩසටහන වෙනුවෙන් සහභාගි වීමට නියමිත බැව්ද ප්‍රේමචන්ද්‍ර මහතා පැවසීය.

දිනසේන රතුගමගේ – දිවයින

Related posts

අගමැති රනිල් එන සඳුදා බැඳුම්කර කොමිසමට කැඳවයි

colombotoday

මෙවර මහනුවර අවසන් රන්දෝලි පෙරහැර අගෝස්තු 3 වන දා

colombotoday

සජිත් එජාප නියෝජ්‍ය නායකත්වයෙනුත් ඉවත් වෙයි

colombotoday

මව්බිමට රැගෙන යන බව පවසන ජාවාරම්කරුවන්ට මුදල් ලබාදිමෙන් වැළකින්නැයි ලාංකික ශ්‍රමිකයන්ට විදේශ සේවා නියුක්ති කාර්යාංශය දැනුම් දෙයි.

colombotoday

ඇහැලියගොඩ සියලු පාසල් නැවත දැනුම් දෙනතුරු වසාදමයි

colombotoday

ආරුගම්බේ සිද්ධියට සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

Admin