Colombo Today Local NewsHot News

ස්වාධීන රුපවාහිනියේ “බ්ලු” පෙන්වන ලනුව අගමැතිට දුන්නේ ඔහුගේම ලේකම්වරයෙක්

itn-pm-feature

රාත්‍රි කාලයේ “වැඩිහිටියන්ට පමණයි“ දර්ශන සහිත වැඩසටහන් විකාශය කිරීම සදහා අගමැතිවරයාට ලනුව ගිල්ලවා ඇත්තේ ඔහුගේම පෞද්ගලික ලේකම්වරයෙක් විසින් බව රජයේ ප්‍රබල ඇමතිවරු පිරිසක් ඊයේ (19) කොළඹ තරු පහේ හෝටලයක පැවති සාදයක් අතරතුර පවසා තිබෙනවා.

මෙම ලේකම්වරයා ඇතුළුව තවත් ලිංගික විකුර්තිතාවයකින් පෙලෙන ස්වාධීන රූපවාහිනී පාලනාධිකාරියේ කිහිප දෙනෙකු විසින් මෙම තීරණය ගෙන අගමැතිවරයාට යෝජනාව කර ඇති අතර එහිදී අගමැතිවරයා “පෙන්නනවා ඕයි ඕක පෙන්වනවා” යනුවෙන් පැවසුබවත් අගමැතිවරයාට සමීප ඇමතිවරයෙක් පවසා තිබේ.

ස්වාධීන රූපවාහිනී සේවයේ වෙළද සලකුණ වෙනස් කිරීමටත් රාත්‍රී කාලයේ “වැඩිහිටියන්ට පමණයි“ වැඩසටහන් විකාශය කිරීමටත් තම විරෝධය පළකරමින් ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් නිමල් බෝපගේ මහතා විසින් “ට්වීටර්“ පණිවිඩයක් නිකුත් කිරීම සම්බන්ධයෙන් අගමැතිවරයා කෝපයයෙන් සිට ඇති අතර ඊයේ(19) දහවල් නිමල් බෝපගේ මහතා කැදවා දොස් පැවරූ බව සදහන් කල එම ඇමතිවරයා “ජනමාධ්‍ය ලේකම් ජනාධිපති වෙන්න හදනවා” යනුවෙන් සදහන් කර ඇත.

කෙසේ වෙතත් මතුව ඇති අර්බුධකාරී තත්වය හේතුවෙන් නියමිත වූ පරිදි පසුගිය ඉරිදා රාත‍්‍රියේ Homeland වැඩිහිටියන්ට පමණක් සුදුසු වැඩසටහන ප්‍රචාරය නොවින.

ජනමාධ්‍ය ලේකම්වරයා නිකුත්කරන ලද “ට්වීටර්“ පණිවිඩය

nimal-twr

Related posts

වන විනාශය සිදුකරන රටවල් අතරින් ශ්‍රී ලංකාව ලෝකයේ හතරවැනි ස්ථානයට

colombotoday

පිළිරූ ගිනි තබති.. කෙළ ගසති.. හිටපු ජනපතිට මැලේසියා කොටින්ගේ විරෝධය

colombotoday

හජ් දා ඝාතනය කළ ගවයන්ගේ ලේ දින දෙකක් පුරා වැල්ලවත්ත ඇළ දිගේ ගලයි !

colombotoday

සමාජ දුරස්ථභාවය නොසලකා හරින පුද්ගලයින් අත්අඩංගුවට ගන්න පියවර

colombotoday

මහ රැ රහස් පොලිස් මූලස්ථානය අසලට පැමිණි කවුද මේ සුදර්ශන ගුණවර්ධන

colombotoday

ඇත්තටම බෝගස්වැව පදිංචි වෙලා ඉන්නේ පිටින් ගෙනත් පදිංචි කළ මිනිස්සුද ? කොටින්ගෙන් මැරුම් නොකා බේරුණු ගැමියෙක් කියන කතාව

colombotoday