Colombo Today Local News

“මහින්ද එලවා මෛත්‍රී – රනිල් ගෙන ඒම ගැන ඉන්දීය රජය සතුටින්“ – ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි

මහින්ද රාජපක්ෂ මහතා බලයෙන් ඉවත් කර, මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත්වීමත්, රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමත් සම්බන්ධයෙන් නවදිල්ලි රජය සතුටට පත්වූ බව හින්දුස්ථාන් ටයිම්ස් පුවත් සේවය වාර්තා කරයි.

දමිළ ප්‍රශ්නයට දේශපාලන විසදුමක් ලබාදීමට මහින්ද රාජපක්ෂ රජය අපොහොසත් වීමත්, ශ්‍රී ලංකාව චීනය දෙසට නැඹුරුවීමත් යන කරුණු දෙක සම්බන්ධයෙන් ඉන්දියාව නොසතුටෙන් සිටි බවද එම පුවත් සේවය පවසයි.

කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂ පාලනය පෙරළා පත්වූ නව ආණ්ඩුව විසින් දමිල ජනතාව සඳහා පිළිගත හැකි විසඳුමක් ලබාදිමට කටයුතු කරනු ඇති බවට ඉන්දියාව බලාපොරොත්තුවෙන් සිටින බවද එම පුවත් සේවය වාර්තා කරයි.

Related posts

දේශය සුරැකි රන් අසිපත

colombotoday

ලබන වසරේ පාසල් විභාග නියමිත කාලයට

Admin

සෝමාවතී පරිවාර චෛත්‍ය 18ක් සහිත රක්ෂිතය මුස්ලිම් පිරිසක් බිල්ලට ගනී

colombotoday

සේලයින් මෙරට නිෂ්පාදනයට අනුමැතිය

colombotoday

‌පොදු ප්‍රවාහන සේවා සාමන්‍ය පරිදි පවත්වා ගෙන යාමේ අවසාන තීරණය හෙට

colombotoday

රාගම වෛද්‍ය පීඨ සිසුන්ට පහරදීම : ඇමති පුතා ඇතුළු 6දෙනා රිමාන්ඩ්

colombotoday