Colombo Today Local News

පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාලව සිර භාරයේ සිටි සැකකරුවෙක් මරුට

පාස්කු ඉරිදා ප්‍රහාර මාලාව ට අදාළව රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි සැකකරුවකු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (4) පස්වරුවේ මියගොස් ඇතැයි බොරැල්ල පොලිසිය කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තාකර තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ පල්ලිය පාර, කල්මුනේ පදිංචිව සිටි වයස අවුරුදු 42 ක් වූ සැක අංක 1123 සල්ලි මොහොමඩ් කලින් නමැත්තා බව පොලිසිය අධිකරණයට සඳහන් කර තිබේ.

මෙම තැනැත්තා අසනීප තත්ත්වයක් හේතුවෙන් ඉකුත් නොවැම්බර් මස 23 වැනිදා බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබා ගැනීමෙන් පසු දෙසැම්බර් 5වැනිදා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර නේවාසිකව ප්‍රතිකාර ලබා ගනිමින් සිටියදී මෙසේ මියගොස් ඇතැයි පොලිසිය පොලීසිය අධිකරණයට පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත.

Related posts

රියදුරු බලපත්‍ර අලුත්කිරීමේ කාලය දීර්ඝ කරයි.

colombotoday

දහවල් කාලයේදී විදුලිය කප්පාදුවක් නැහැ – ලංවිම කියයි

colombotoday

යුද්ධය දිනූ ගුවන් හමුදාපතිට සහ නාවික හමුදාපතිට ෆොන්සේකාට නොදෙවෙනි තනතුරු

colombotoday

විශ්‍රාම වැටුප් ලබා ගන්න යන අයට අවසර පත්‍ර අවශ්‍ය නෑ

colombotoday

බ්‍රසීලයේ ප්‍රජාතන්ත්‍රවාදයට සිදු වූ සතුරු ක්‍රියා හෙළා දකිමි – ජනාධිපති රනිල් වික්‍රමසිංහ

Admin

පාළු නිවසක කාන්තා මළසිරුරක්

Admin