Colombo Today Local News

“අද වන විට විදේශ වත්කම් හිදිලා.. රට ගොඩගන්න නම් කැපකිරීම් කරන්න වෙයි“ – ජනපති

mithrepala

පසුගිය වසර 10-15ක කාලය තුළ මෙරට දේශීය කර්මාන්ත කඩා වැටී ඇතැයිද, මේ වන විට මෙරට විදේශ වත්කම් බොහෝ පහළ බැස ඇතැයිද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

රටක් සංවර්ධනය කරා ගෙන යාමේදී දීර්ඝකාලීන සැලැස්ම විය යුත්තේ දැනුමින් ආදායම් උපදවන ජාතියක් ගොඩනැගීම බවත්, නව අධ්‍යාපන ක්‍රම, නව විශ්වවිද්‍යාල සහ විවිධ වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රයන් හදුන්වාදීමෙන් රජය අපේක්ෂා කරන්නේ එම අරමුණ ජය ගැනීමට බවත් ජනාධිපතිවරයා අවධාරණය කරයි.

ඔහු මේ බව කියා සිටියේ ඊයේ (17) පෙරවරුවේ මාලඹේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ “ දිරියෙන් නැගිටින දැයේ කාන්තාවන්ට අපෙන් අත්වැලක්“ යන තේමාව යටතේ සංවිධානය කර තිබූ වැඩසටහනේ සමාරම්භක උත්සවයකට එක්වෙමිනි.

ක්‍ෂණික ප‍්‍රතිපාදන ලබා ගැනීමට අමාරැ බවත් ටික කාලයක් කැපකිරීම් කල යුතු බවද කී ජනාධිපතිවරයා පැය 24න් මාසෙන් දෙකෙන් ආර්ථිකය ගොඩදැමිය නොහැකි බවද එහිදී කියා සිටියේය.

Related posts

ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට දුම්රිය මැදිරි 20ක්

colombotoday

“2020 වනතුරු ඉන්න… වැට් බද්ද 2%කින් අඩු කරනවා“ – මුදල් ඇමති

colombotoday

බැදුම්කර මගඩියට අමතරව, අර්ජුන් මහේන්ද්‍රන් කෝටි 66ක් ගසා කාලා.. විගණන වාර්තා මෙන්න

colombotoday

ජනාධිපතිතුමා කරන්නේ ආනන්තරීය පාපකර්මයක්

colombotoday

2022 අයවැය විසර්ජන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට

colombotoday

මංගලගේ සුත්තරෙන් අදත් තෙල් මිල ඉහල යන ලකුණු

colombotoday