Colombo Today Local News

මැති සබේ ලිංගික හිරිහැර සොයන්න විශේෂ කමිටුවක්

මැතිසබයේ තොරතුරු පද්ධති සහ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ සේවිකාවන්ට සිදුවන්නේ යැයි කියන
ලිංගික හිරිහැර සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් පැවැත්වීමට පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා විසින් කමිටුවක් පත් කරනු ලැබ ඇත.

පාර්ලිමේන්තුවේ පරිපාලන කටයුතු භාර අධ්‍යක්ෂිකා ඉන්දිරා දිසානායක මහත්මිය මෙම කමිටුවේ සභාපතිනිය ලෙස කටයුතු කරන්නීය

කමිටුව පරීක්ෂණ ආරම්භ කිරීමෙන් පසු එම දෙපාර්තමේන්තුවේ සේවිකාවන්ගෙන් පෙරේදා (9) ප්‍රශ්න කර කට උත්තර සටහන් කරගෙන ඇති බව එහි ආරංචි මාර්ග සඳහන් කරයි.

එම විමර්ශනවලදී එක් සේවිකාවක තමාට ලිංගික වශයෙන් අඩන්තේට්ටම් සිදුවූ බවට පැහැදිලිවම කරුණු අනාවරණය කර ඇතැයි එම ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

එසේම මෙම සිද්ධිය සම්බන්ධයෙන් බාහිර විමර්ශනයක් පවත්වන ලෙස සේවකයෝ පිරිසක් කතානායකවරයාගෙන් ඉල්ලීමක් කිරීමට සූදානම් වෙති.

මේ අතර පාර්ලිමේන්තුවේ ගෘහ පාලන දෙපාර්තමේන්තුවේ ඇතැම් රූමත් සේවිකාවන්ට සිදුවී ඇතැයි පැවසෙන ලිංගික හිරිහැර සම්බන්ධයෙන් හිටපු විනිසුරු සරෝජනී කුසලා වීරවර්ධන මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු විමර්ශනයද අවසන් කර එහි වාර්තාව බාරදී ඇතැයි වාර්තා වේ.

එම කමිටුව ඉදිරිපත් කර ඇති නිර්දේශ අනුව පාර්ලිමේන්තු ප්‍රධානීන් මේ සති අන්තයේදී එම සිද්ධියට චෝදනා ලැබූ ප්‍රධානියා ඇතුළු තිදෙනා සම්බන්ධයෙන් සුදුසු ක්‍රියා මාර්ගයක් ගැනෙනු ඇත.

එම ලිංගික හිරිහැර සිද්ධිය සම්බන්ධයෙන් ගෘහ පාලන දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ඇතුළු තිදෙනා දැනට වැඩ තහනම් කරනු ලැබ සිටිති.

Related posts

අයි.ටී.එන් සභාපති ඉල්ලා අස්වෙයි

colombotoday

නිර්මාල්/ජයදේව යහපාලන දෙඇදුරෝ ජාතික අධ්‍යාපන ආයතන පාලක සභාවෙන් නෙරපයි !

colombotoday

“අලුත් ව්‍යවස්ථාවෙන් අපි රට ෆෙඩරල් කරනවා“ – ජනපති, අගමැති නොකියන දේ මංගල කියයි

colombotoday

සාරි අනිවාර්ය කිරීමේ චක්‍රලේඛය අහෝසි කරයි

colombotoday

“ලංකාවට බලපෑම් කරන්න” – විපක්ෂ නායක සම්බන්ධන් ඇමරිකාවෙන් ඉල්ලයි

colombotoday

කැබිනට් මණ්ඩල තීන්දුවට එරෙහි පෙත්සමට වාසුදේව, විමල්, ගම්මන්පිල යන ඇමතිවරුන් තිදෙනා වෙනම අධිකරණයට

colombotoday