ජාතික ජන බලවේග රජයේ පලමු විසර්ජන පනත් කෙටුම්පත පළමුවර කියවීම සදහා අද දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
දෙවන වර කියවීම හෙවත් අයවැය කතාව පෙබරවාරි 17 වනදා සිදු කෙරෙයි.
දෙවැනිවර කියවීමේ විවාදය පෙබරවාරි 18 සිට 25 දක්වා පැවැත්වෙයි.
තුන්වන වර කියවීමේ පැවැත්වෙන්නේ ඡන්ද විමසීම මාර්තු 21 වනදායි.
මෙවර අවයැවෙන් ජනතාවට විශාල සහන ප‍්‍රමාණයක් ලබා දෙන බව ආණ්ඩුවේ මැති ඇමතිවරුන් රැුසක් අවස්ථා ගණනාවක සදහන් කර ඇත.