Colombo Today Local News

පොලිස් ලොක්කන්ට ස්ථාන මාරු

ජේෂ්ඨ පොලිස් අධිකාරීවරුන් එකොළොස් දෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු වීම් ලබා දී ඇත.

ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය ඇතිව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් මෙම ස්ථාන මාරු වීම් ලබාදී තිබේ.

ඒ අනුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් වන W.V. ගිනිගේ මහතා මාතර කොට්ඨාශ භාර නිලධාරී ලෙසත්, K.D.L.A. ධර්මසේන මහතා මීගමුව කොට්ඨාස භාර නිලධාරී ලෙසත්, B.D.T.P.A.වීරසිංහ තොරතුරු තාක්ෂණ කොට්ඨාශයේ අධ්‍යක්ෂ ලෙසත් R.G.A.B.ගුණතිලක මහතා කැලණිය කොට්ඨාශ භාර නිලධාරී ලෙසත් පත් කරනු ලැබ ඇත.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී L. A. ගමගේ අපරාධ වින්දිතයන්ට හා සාක්ෂිකරු වන්නට සහාය දීමේ හා ආරක්ෂාව සැපයීමේ කොට්ඨාශයේ අධ්‍යක්ෂ ලෙසත්, D.S.I.A.අමරසිංහ පාර්ලිමේන්තු කොට්ඨාශ භාර අධ්‍යක්ෂ ලෙසත්, මංගල වික්‍රමනායක මහතා මාතලේ කොට්ඨාශ භාර නිලධාරී ලෙසත්, K.H.E.පෙරේරා මහතා පොලිස්පති අනදෙන තොරතුරු කොට්ඨාසයේ අධ්‍යක්ෂ ලෙසත්. H.G.D.S.අමරසිංහ අම්පාර කොට්ඨාශ භාර නිලධාරි ලෙසත් පත්කර තිබේ.

එමෙන්ම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී W.A.සෝමරත්න මහතා වවුනියා කොට්ඨාශ භාර නිලධාරී ලෙසත්, D.H.A.L.පෙරේරා මහතා ගම්පොළකොට්ඨාශ භාර නිලධාරී ලෙසත් පත් කරනු ලැබ ඇත.

Related posts

ජනපති ඉල්ලා අස්වන බව නිල වශයෙන් දැනුම් දෙයි

colombotoday

“මේ ආණ්ඩුවේ ලෝක හොරු ඉන්නවා”.. රාජිතගේ පොටෝ එකක් පෙන්වා රන්ජන් කියයි !

colombotoday

යා අල්ලාහ්! කොරෝනා හැදී මරණයට පත්වන්නන්ට, ෆිර්දවුස් නැමැති ස්වර්ගය පිරිනමත්වා – උලමා සභාව ඉල්ලයි

colombotoday

ගවයන් 37 ක් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථ තුනක් පොලිස් අත්අඩංගුවට

colombotoday

ඡන්දය දිය යුතු කෙනා ජනතාව තීරණය කර ඉවරයි – අගරදගුරුතුමා

colombotoday

මරාගෙන මැරෙන කලු කොටි දිනය සමරා කිලිනොච්චියේ සිතුවම්….

colombotoday