Colombo Today Local News

රන්වල ආචාර්ය උපාධිය ගේනකල් තමයි අපිත් බලන් ඉන්නේ

හිටපු කතානායක අශෝක රන්වල සිය අධ්‍යාපන සහතික ඉදිරිපත් කරන තෙක් රජය ද බලා සිටින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි.

ඔහු මේ බව පැවසුවේ, ඊයේ (07) කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී හිටපු කතානායකගේ අධ්‍යාපන සහතික පිළිබඳව මාධ්‍යවේදිනියක ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි.

“කතානායකවරයාගේ සුදුසුකම් සම්බන්ධයෙන් එතුමා පිළිතුරු දේවි. අපි බලාගෙන ඉන්නවා.
එතුමාට අවශ්‍ය කරන කාලය දෙන්න තමයි අපි තීන්දුවක් ගත්තේ. අවශ්‍ය කරන ඉක්මණින් ඒ සහතික ඉදිරිපත් කරාවි.”

අශෝක රන්වලගේ ආචාර්ය උපාධිය පිළිබඳව රට තුළ දැඩි ආන්දෝලනයට තුඩු දුන් අතර මේ හේතුවත් සමග ඔහු සිය ධූරයෙන් දෙසැම්බර් 13 වන දා ඉල්ලා අස්විය. අනතුරුව දැගන්නට ලැබුණේ ඔහුගේ ආචාර්ය උපාධිය ගෙන එන්නට නියෝජිතයකු ජපානය බලා පිටත්ව ගිය බවයි.

Related posts

මාරවිල මුහුදේ අතුරුදන් වු සිසුවාගේ සිරුර ගොඩ ගසයි

Admin

ශෂී වීරවංශගේ ඇප ඉල්ලීම සලකා බැලීමට දින නියම වෙයි

colombotoday

අයවැයෙන් වැට් අඩුවෙන හැඩ

Admin

ජනපති රනිල් තෙවැනි චාල්ස් රජු හමුවෙයි

colombotoday

ට්‍රම්ප්ගේ බදු ගැන සජිතුත් කට අරී

Admin

මේ රටේ කොතනත්, ධර්මදේශනා නවත්වන්න අපට බෑ.. පොලීසිය කුලියාපිටියේ මව්ලවිට දන්වයි

colombotoday