Colombo Today Local News

සහල් මාෆියාවට තිත-වී ගබඩා ආශ්‍රිතව මහා ශ්‍රමදානයක්

රජය මඟින් ක්‍රියාත්මක Clean Sri Lanka වැඩසටහනට සමගාමීව ජනතාවගේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කරනු වස්, වසර ගණනාවක් අතහැර දමා තිබූ හිඟුරක්ගොඩ සතොස වී මෝල් ගබඩා සංකීර්ණය නැවත ගොඩනැගීමේ පළමු අදියර ලෙස, ගබඩා සංකීර්ණය අවට පිරිසුදු කිරීමේ මහා ශ්‍රමදානයක් පැවැත්වීය.

රජයේ වී මිලදී ගැනීම් ක්‍රියාවලිය වෙනුවෙන් ගබඩා සූදානම් කර ගැනීමේ අරමුණ ඇතිව සතොස නව සභාපති කෝසල විල්බාව මහතාගේ අධීක්ෂණය යටතේ, හිඟුරක්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය,ප්‍රාදේශිය සභාව, වී අලෙවි මණ්ඩලය, පොලීසිය, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, වැනි රජයේ ආයතනයන්ද, ගොවිජන සංවිධාන, සමූපකාර සමිති, ස්වේච්ඡා සංවිධාන, ගොවීන් මෙන්ම ප්‍රදේශවාසීන්ගේද සහභාගිත්වයෙන් මෙම මෙම ශ්‍රමදාන කටයුත්ත සිදුුවිය.

මීට අමතරව පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පද්මසිරි බණ්ඩාර හා සුනිල් රත්නසිරි යන මහත්වරුන්ද මෙම ශ්‍රමදානය සඳහා එක් විය.

එමෙන්ම මෙහි ඊළඟ අදියරයේ කටයුතුද මේ හා සමගින්ම ආරම්භ කොට ඇති අතර, මෙම ගබඩා සංකීර්ණය ජනතාව වෙනුවෙන් ඉතාමත්ම ඉක්මනින් ගොඩනැගීමට අපේක්‍ෂා කර ඇත.

Related posts

කෝටි 100 කුඩු ජාවාරමේ කප්පිත්තා, මොහොමඩ් මුවාස් කටුණායකදී අල්ලයි

colombotoday

චෙක් කරන්න කලින් අපට කියන්න… බල්ල පල්ලියට ගේන්න එපා – අසාත් සාලි හමුදාවට කොන්දේසි දමයි

colombotoday

පවුල් ආරවුලකට පියා සහ පුතුට පිහියෙන් ඇනලා…

Admin

උද්ඝෝෂණ කරන්න කොළඹින් තැන් දෙකක් වෙන් කරයි

colombotoday

සචිත්‍ර සේනානායක යළි රිමාන්ඩ්

Admin

කවුරු විරුද්ධ වුණත් තැපැල් ගොඩනැගිලි හෝටල් හදන්න දෙනවා – තැපැල් ඇමති හලීම්

colombotoday