Colombo Today Local News

වෙළෙඳපොළේ ඇති මත්පැන් බෝතල්වල ස්ටිකර් ඇලවීම ලබන සතියේ

වෙළෙඳපොළේ (බාර්) ඇති මත්පැන් බෝතල්වලට ස්ටිකර් ඇලවීම ලබන සතියේ ආරම්භ කරන බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ ගුණසිරි මහතා පවසයි.

මත්පැන් නිෂ්පාදන ආයතනවල මත්පැන් බෝතල් සඳහා සඳහා ස්ටිකර් ඇලවීම පසුගිය 3වැනිදා ආරම්භ කෙරුණු අතර මේ දිනවල එම කටයුතු සිදුකෙරෙමින් පවතින බවද ඔහු සඳහන් කරයි. මෙරටේ ඇති මත්පැන් නිෂ්පාදන ආයතන සංඛ්‍යාව 22කි.

මත්පැන් බෝතල්වලට ස්ටිකර් ඇලවීමේ කටයුතු ලබන මාර්තු මස 31 වැනිදායින් අවසන් කිරීමට නියමිතය.

මේ අනුව ස්ටිකරය හෝ ඩිජිටල් සලකුණ නොමැති කිසිදු මත්පැන් බෝතලයක් අප්‍රේල් මස 1 වෙනිදායින් පසු වෙළෙඳපොළේ තිබිය නොහැකි බවද සුරාබදු කොමසාරිස්ජනරාල්වරයා කියයි.

ප්‍රමිතියෙන් තොර මත්පැන් වෙළෙඳපොළට පැමිණීම, බදු නොගෙවූ මත්පැන් වෙළෙඳපොළට පැමිණීම වැළැක්වීම මෙම ස්ටිකර් වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමේ අරමුණ බවත් ස්ටිකරය හෝ ඩිජිටල් සලකුණ නියමාකාරයෙන් පවතින්නේ දැයි තහවුරු කරගැනීම සඳහා පාරිභෝගිකයන්ට විශේෂ පරිගණක යෙදවුමක් ( ඇප්) හඳුන්වා දෙන බවදඔහු ප්‍රකාශ සදහන් කරයි.

පාරිභෝගිකයන්ට එම යෙදවුම මගින් සියලු විස්තර දැකබලා ගත හැකිවනු ඇතැයිද ඔහු පවසයි.

Related posts

20 සංශෝධනය – කමිටුවේ වාර්තාව අගමැතිට

colombotoday

කල්ලාරු රක්ෂිතය එළිපෙහෙළි නොකරන බවට අධිකරණයට පොරොන්දුවක්

colombotoday

සහල් වෙළෙඳුන් 22කට මිලියන 3.2ක දඩ

colombotoday

බඩ ඉරිඟු වගාව තාවකාලිකව නවත්වන්න⁣ ගොවීන්ට උපදෙස්

colombotoday

සඟවා තිබූ සහල් තොගයක් සොයා ගැනේ..

colombotoday

ජනාධිපති හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානීට ඇප

colombotoday