Colombo Today Local News

මාලිමාවට වැඩ කළ චන්දරේට වැඩ බලන නිලමේකමක් දීලා

සබරගමු මහා සමන් දේවාලයේ බස්නායක නිලමේ ධුරය ජාතික ජන බලවේගයට මැතිවරණවලදී මුදල් ආයෝජනය කළ ‘චන්දරේ’ නමැති මැණික් ව්‍යාපාරිකයා වෙත භාර දීමට මාලිමා රජය ගත් අත්තනෝමතික තීරණය පිළිබඳ අපි මින් පෙර පුවතින් අනාවරණය කළෙමු.

දැන් ‘චන්දරේ’ වැඩබලන බස්නායක නිලමේ තනතුරට පත් කළ ආකාරයට විරෝධය පා සබරගමුව මහ සමන් දේවාලයේ ඇතුල් කට්ටලයේ කපු මහත්වරු හා පිට කට්ටලයේ මොහෙට්ටාලවරු රාජකාරිවලින් ඉවත් වී සිටිති.

පසුගිය දෙසැම්බර් 31 වන දා සබරගමුව මහ සමන් දේවාලයේ හිටපු බස්නායක නිලමේවරයා වන මිගාර ජයසුන්දර බණ්ඩාරගේ ධූර කාලය අවසන් විය.වතින තත්ත්වය මත ඔහුගේ ධූර කාලය නැවතත් දීර්ඝ නොකර නිලවරණයක් පවත්වා සුදුසු නිලමේවරයෙකු පත්කරනතුරු වැඩ බැලීම සඳහා මාස තුනක කාලයකට බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා විසින් රත්නපුර ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයෙකු වන වන එස්.වී. චන්ද්‍රසිංහ (චන්දරේ) පත් කිරීමට කටයුතු කෙරිණි. ඔහු මේ තනතුරට සඳහා වන එකම සුදුසුකම වත්මන් ආණ්ඩු පක්ෂයට මැතිවරණවලදී මුදල් වියදම් කිරීම ය.

එසේ වැඩ බැලීමට නිලමේවරයෙකු පත්කළ ආකාරයට විරෝධය පා දේවාලයේ ඇතුල් කට්ටලයේ කපු මහත්වරු හා පිට කට්ටලයේ මොහෙට්ටාලවරු රාජකාරිවලින් ඉවත් වී ඊයේ (ජන. 5) දේවාලය ඉදිරිපිටදී විරෝධතාවක නිරත වූහ. ඒ හේතුවෙන් දේවාලයේ පූජාවන් සඳහා පැමිණි ජනතාව ද අපහසුතාවට පත් වූහ.

මෙම විරෝධතාවට එක්ව සිටි සබරගමුව මහ සමන් දේවාලයේ ප්‍රධාන කපු මහතා වන විජේනාරායන කපු මහතා අදහස් දක්වමින් මෙසේ පැවසීය.“බස්නායක නිලමේවරයාගේ ධූර කාලය පසුගිය 31 වන දිනෙන් අවසන් වුණා. ඊට පසු එක්කෝ ඔහුගේ ධූර කාලය දීර්ඝ කළ යුතුයි” නැත්නම් පාලනය බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා යටතේ තබා ගෙන කෙටි කාලයකින් නිලවරණයක් පවත්වා සුදුසු අයෙකු බස්නායක නිලමේවරයා ලෙස පත් කළ යුතුයි.

එසේ තිබියදී සිදුකර තිබෙන මෙම පත්කිරීම නීති විරෝධීයි. සම්ප්‍රදායට පිටින් තමයි මෙම පත්කිරීම සිදුකර තිබෙන්නේ. ඒ නිසා තමයි අපි රාජකාරි කටයුතුවලින් ඉවත් වන්න තීරණය කළේ.”මේ සම්බන්ධයෙන් අදහස් දැක් වූ ගම්පහේ විදානේ වන බී.යූ. ධර්මවර්දන මෙසේ පැවසීය. “හිටපු බස්නායක නිලමේවරයාගේ ධූර කාලයෙන් පසු වැඩ බැලීමට නිලමේවරයෙකු පත්කර තිබෙනවා. මෙය වසර සියදහස් ගණනක සිට කාලෝචිත නොවන, සිරිත් විරිත්වලට අනුකූල නොවන ආකාරයට සිදුකළ පත්කිරීමක්. කපු මහත්වරු, මොහොට්ටාල නිලමේවරු දීර්ඝ ලෙස සාකච්ඡා කරලයි මේ තීරණය ගත්තේ.”

මෙහිදී හංගමුව බෙත්මයේ මොහොට්ටාල වන සමන් කුමාර බණ්ඩාර, කුරුවිට බෙත්මයේ මොහොට්ටාල වන ජී.ජී.ආර්. සමිද්දු බණ්ඩාර, සබරගමුව මහ සමන් දේවාලය සුරැකීමේ සංවිධානයේ සභාපති කසුන් බණ්ඩාර, මගෙන් රටට සංවිධානයේ සභාපති සංජය මහවත්ත ද අදහස් දැක් වූහ.

Related posts

කන්දකැටියේ නිවසකින් පුපුරණ දව්‍ය හා උපකරණ සොයා ගනී

Admin

කොළොන්නාවේ ඇළක මළ සිරුරක්

colombotoday

බුර්කාව තහනම් කිරීමේ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය.

colombotoday

කෘෂිකාර්මික භාණ්ඩ සහ උපකරණ බදුවලින් නිදහස් කෙරේ !

colombotoday

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට නව අධ්‍යක්ෂවරියක්

Admin

සති­ය­කදී ඇල්ලූ ගංජා හා මත්ද්‍ර­ව්‍ය වටිනා­කම රු. මිලි­යන 950ක්

colombotoday