Colombo Today Local News

සහල් වෙලදාමෙන් වෙලදුන් ඉවත් වෙති?

පාලන මිලට සහල් අලෙවි කිරිමට තමන්ට සහල් තොග නොලැබෙන නිසා පාලන මිලට සහල් අලෙවි කිරිමට නොහැකි තත්ත්වයක් උද්ගත විම හමුවේ සහල් අලෙවියෙන් කොටගල එක්සත් වෙලද සංගමය ඉවත් විමට තිරණය කර ඇති බව එම සංගමයේ සභාපති පුෂ්පා විශ්වනාත් මහතා පැවසිය.

හැටන් කොටගල නගරයේදි මාධ්‍ය හමුවක් පවත්වමින් එම සංගමයේ සභාපතිවරයා කියා සිටියේ පාරිභෝගික සේවා අධිකාරිය මගින් පාලන මිලට සහල් අලෙවි කරන ලෙසට කොටගල නගරයේ සියළුම වෙලදසැල් හිමියන්ව ලිඛිතව දැනුවත් කර ඇති බවයි.

පාලන මිලට සහල් අලෙවි නොකරන වෙලෙදුන්ට රු ලක්ෂයේ සිට ලක්ෂ පහ දක්වා දඩ මුදල් නියම කරන බවත්, එවන් තත්ත්වයක් මත තමන්ට සහල් අලෙවි කිරිමට නොහැකි තත්ත්වයක් උද්ගල විම හමුවේ කොටගල එක්සත් වෙලද සංගමය මෙම තිරණය ගත් බවද සභාපතිවරයා පැවසිය.

Related posts

අද – හෙට විදුලි කප්පාදු කාලසටහන මෙන්න

Admin

(Video) දංකොටුවේ දැවී අළුවුණු වෑන් රියක මළ සිරුරු පහක් !

colombotoday

ඥාණසාර හිමි සොයා පොලීසිය රට පීරයි.. හැකි ඉක්මනින් අත්අඩංගුවට ගන්නැයි හකීම් කියයි

colombotoday

ජනපතිට එරෙහිව සමනළ විරෝධතාවක්… සමලිංගික කොඩි ඔසවා පාර්ලිමේන්තුව කැදවන්න ඉල්ලයි…

colombotoday

අවසන් මාස 9ට ශ්‍රී ලංකන් ශුද්ධ අලාභය රු.බි. 40ක්

colombotoday

තවත් ආනයනික බිත්තර මිලියන 8ක් සතොසට

Admin