Colombo Today Local News

විදුලි සෝපානයට හිස සිරවී එක් දරු පියෙක් මිය යයි

මිල්ලනිය පරගස්තොට ටයර් නිෂ්පාදන ආයතනයක් තුළදී නිෂ්පාදන භාණ්ඩ, යන්ත්‍රයක් තුළට ගෙනයාම සඳහා භාවිතා කරන විදුලි සෝපානයට හිස සිරවීමෙන් පුද්ගලයෙක් එම ස්ථානයේදීම මිය ගොස් ඇතැයි මිල්ලනිය පොලීසිය පවසයි.

අනතුරින් මියගොස් ඇත්තේ මොරන්තුඩුව තරුණ සේවා මාවතේ පදිංචිව සිටි නිලූක තනූජ ද සිල්වා නමැති 30හැවරදී එක් දරු පියෙකි.

මියගිය පුද්ගලයා තවත් සේවකයන් 09 දෙනෙකු සමඟ ටයර් නිෂ්පාදන යන්ත්‍රයේ සේවය කරමින් සිටියදී මෙම හදිසි අනතුර වී ඇතැයි පොලිසිය කියයි.

හිසට බරපතළ තුවාල සහිතව හොරණ මූලික රෝහලට ඇතුළත් කරන විටත් ඔහු මියගොස් සිටි බව එම රෝහලේ ප්‍රකාශකයෙක් සදහන් කර ඇත.

මළ සිරුර හොරණ මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර පි.සි.ආර් පරීක්ෂණයක් පැවැත්වීමෙන් අනතුරුව හදිසි මරණ පරීක්ෂක මුළු දිවයිනටම සාම විනිසුරු සුමේධ ගුණවර්ධන මහතා ඉදිරියේ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතය.

මිල්ලනිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස් ඒ ජි එන් විජේසිංහ මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වේ.

Related posts

රටින් පිටත ඊළාම් ආණ්ඩුවේ අගමැති විශ්වාසභංගයකින් නෙරපයි…

colombotoday

කොරෝනා වෛරසය ඊයේ මියගිය පුද්ගලයාගේ දේහය ආදාහනය කිරීමට ජනතාව විරුද්ධ වෙයි

colombotoday

ප්‍රේමලාල් ජයසේකරගේ මරණ දඬුවම: ඉරණම තීන්දු කෙරෙන අභියාචනා තීන්දුව මාර්තු මස 31

colombotoday

සිංහල සිසු නේවාසිකාගාරවලත් ප්‍රභාකරන් සමරයි.. යාපන සරසවියේ උණුසුම් තත්ත්වයක්

colombotoday

සිවිල් ආරක්ෂක නිලධාරියෙක් සියදිවි හානි කරගනී

colombotoday

බුර්කා තහනමට ඇමති අත්සන් තබයි

colombotoday