Colombo Today Local News

මාලිමාණ්ඩුව ක්‍රීඩාංගණයක නම වෙනස් කරන්න යයි

හෝමාගම දියගම ජාත්‍යන්තර ක්‍රීඩාංගනයෙන් මහින්ද රාජපක්ෂ නාමය ඉවත් කිරීමට කටයුතු කරන බව තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ සඳහන් කරයි.

එම ක්‍රීඩාංගන පරිශ්‍රයේදී පැවති මාධ්‍ය හමුවක් ඔහු පැවසුවේ මෙය ඉදිකිරීම සඳහා විශාල වශයෙන් මුදල් නාස්ති කර ඇති බවත් අද වන විට එය දැඩි ලෙස අබලන් තත්ත්වය පවතින බවත්ය.

පෞද්ගලික අංශයේ ආයෝජකයන් හා එක්ව ක්‍රීඩාංගනය වැඩිදියුණු කිරීමට බලාපොරොත්තු වන බැවින් මහින්ද රාජපක්ෂ නමින් කිසිදු ආයෝජකයකු එය පවත්වාගෙන යාමට මුදල් ආයෝජනය නොකරනු ඇති බවද හෙතෙම සඳහන් කළේය.

මෙය ඉදිකිරීමේදී සිදුව ඇති වංචා දූෂණ සම්බන්ධයෙන්ද විශේෂ පරීක්‍ෂණයක් ආරම්භ කර ඇති බවත් ඇමතිවරයා සඳහන් කරයි.එම නිසා එම නම ඉවත් කිරීමට සිදුවුණු ඇති බවත් හෙතෙම කියා සිටියි.

Related posts

පොලීසියට අලුත් මැෂිමක්. අසභ්‍ය දර්ශන Upload කල සැනින් ඇලට් එකක් යයි. පුද්ගලයින් 17629ක් සොයා විමර්ශන

colombotoday

සියලුම අරමුදල් එක් අමාත්‍යංශයක් යටතට – ඇමති කව්ද ?

colombotoday

හිජාස් හිස්බුල්ලාට එරෙහිව නීතිපති අධිචෝදනා ගොනුකරයි

colombotoday

මරණ දඬුවම නියමව සිටි මන්ත්‍රී ප්‍රේමලාල් නිදොස් කොට නිදහස්

colombotoday

21 වැනි ව්‍යවස්ථා සභාවට මන්ත්‍රීන් නොවන සාමාජිකයන් පත්කිරීමට අයදුම්පත් කැඳවයි

Admin

කරාපිටියේ වෛද්‍යවරයෙක් ස්කෑන් පරීක්ෂණයට ගිය දැරිය අපයෝජනය කරලා

colombotoday