Colombo Today Local News

සී.අයි.ඩී. ගිය පිය පුතු

සමාජ මාධ්‍ය ඔස්සේ තමන්ට අපහාසාත්මක පුවත් පළකරන බව පවසමින් හෙළ ඇපරල්හී අධ්‍යක්ෂ මණ්ඩලයේ අධ්‍යක්ෂවරු දෙදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්ථමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත්කර තිබේ.

මෙම අධ්‍යක්ෂවරුන්ට එරෙහිව ඇති දූෂණ චෝදනා සම්බන්ධව පසුගිය දිනවල සමාජ මාධ්‍ය හරහා විවිධ පුවත් සංසරණය වූ අතර එම දූෂණ චෝදනා බොරු බවට ඔප්පු කරනවා වෙනුවට සමාජ මාධ්‍ය තුළ සංසරණය වන පුවත් නවත්වා දෙන ලෙස මෙම අධ්‍යක්ෂවරු දෙපළ අපරාධ පරීක්ෂණ දෙපාර්ථමේන්තුවෙන් ඉල්ලා ඇත.

ශ්‍රීලංකා රේගුවට ගෙවිය යුතු කෝටි ගණනක රේගු බදු නොගෙවීම හා හෙළ ඇපරල් සමාගමට පාඩු කරමින් පෞද්ගලික මූල්‍ය සමාගමක් හරහා ලබාගත් ණය මුදල් වංචා සහගතව පරිහරණය කිරීම ඇතුළු පුවත් කිහිපයක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය තුළ සංසරණය විය.එමෙන්ම සමාගමේ අභ්‍යන්තර තොරතුරු මාධ්‍ය හරහා පලකිරීමට තොරතුරු ලබාදුන් බව පවසමින් සමාගමේ ඇතැම් සේවකයන්ට මොවුන් බැනවැදී ඇති අතර ඇතැම් වෙබ් අඩවි වලට මුදල් ලබාදෙමින් මෙම පුවත් ඉවත්කර දෙන ලෙසද ඉල්ලා ඇත.

මොවුන්ට කැනඩා පුරවැසිකම ඇති බැවින් මෙරට රජයට නීතිමය පියවරක් ගැනීමට නොහැකි තත්ත්වයක් ඇති අතට මොවුන්ගේ දූෂණ චෝදනා හේතුවන් මෙරට කීර්තිමත් සමාගමක් වන හෙළ ඇපරල් ආයතනය මේ වනවිට කඩාවැටීමෙ අවධානමට පවා ලක්ව තිබේ.

Related posts

හයිබ්‍රිඩ් අධිකරණය හදන්න කියූ අල් හුසේන්ට ද්‍රවිඩ සන්ධානයෙන් පැසසුම් !

colombotoday

මුස්ලිම් ව්‍යාපාරිකයන් බුරුතු පිටින් අන්තවාදීන්ට අරමුදල් දීලා….

colombotoday

රන්ජන්ගේ ප්‍රජා අයි­තිය වසර 11කට අහි­මියි | මහා­චාර්ය නීතිඥ ප්‍රතිභා මහා­නා­ම­හේවා

colombotoday

අතුරුදන්වූවන්ගේ කාර්යාලයේ මෙහෙයුම් ඇරඹේ.. ඇමරිකාව, බ්‍රිතාන්‍ය, නෝර්වේ, කැනඩාවෙන් පැසසුම්

colombotoday

පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර අත්අඩංගුවට

colombotoday

“අපිට දකුණේ ඡන්ද අවශ්‍ය නෑ.. මුස්ලිම් – දමිල ඡන්දයෙන් සජිත් දිනනවා“ – රිශාඩ් බදියුදීන්

colombotoday