Colombo Today Local News

රතු කැකුළු නෑ කියා තවමත් පැමිණිලක් ලැබිලා නෑ

වෙළෙඳ පොළේ සහල් මිල අධික වීමත්, රතු කැකුළු සහල් වෙළෙඳ පොළේ හිඟවීමත් සම්බන්ධයෙන් පැමිණිල්ලක් තමන්ට නොලැබුණු බව කෘෂිකර්ම වාරිමාර්ග හා ගොවිජන සේවා අමාත්‍ය කේ.ඩී. ලොල් කාන්ත මහතා පැවැසීය.

රතු කැකුළු සහල් හිඟයක් ඇති බවත් තමන්ට කිසිවකු පවසා නැති බවත් වෙළෙඳ පොළේ ඕනෑ තරම් සහල් හිඟයකින් තොරව පාරිභෝගිකයන්ට මිලදී ගැනීමට ඇති බවත් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාර ශාලාවේ පැවති රැස්වීමකින් අනතුරුව මාධ්‍යවේදීන් රටේ සහල් හිඟය පිළිබඳව විමසූ අවස්ථාවේ දී ප්‍රකාශ කළේය.

එහිදී මාධ්‍යවේදීහු කෘෂිකර්ම අමාත්‍යවරයාට ප්‍රශ්නයක් යොමු කරමින් මත්පැන් මිල ඉතා අධික ලෙස ඉහළ යාමත් සාමාන්‍ය ජනතාව භාවිත කරන මත්පැන් මිල ඉහළ දැමීමෙන් ඔවුන් අපහසුතාවයට පත්වී සිටිනවා නේදැයි විමසූහ.

එවිට එයට පිළිතුරු දුන් අමාත්‍ය ලාල් කාන්ත මහතා ඔව් ඔව් මටත් ඒ ගැන නම් සිත් වේදනාවක් තියනවා දුකයි තමයි.

Related posts

සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාට අභියාචනාධිකරණය දුන් නියෝගය

colombotoday

ගෝඨාභය ජනාධිපතිවරණයට එනවාට විරුද්දද.. ඇමරිකානු තානාපතිගෙන් නිල ප්‍රකාශයක්

colombotoday

ඇමති ප්‍රසන්නගේ නිවෙසට ප්‍රහාරයක්

Admin

ඉන්දීය විදේශ ලේකම් ජනපති හමුවෙයි

colombotoday

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට, ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මැතිවරණ කොමිසමට අවසර

Admin

මරික්කාර්ට අදත් කන හරහා දීලා

colombotoday