Colombo Today Local News

ඇදුම හොද නැතැයි පොලිසිය කැදවා ගුරුවරියන් පාසලෙන් එලවති

උසස් පෙළ විභාගයේ පිළිතුරු පත් ඇගයීමේ කටයුතුවල යෙදෙන ගුරුවරියන් සාරිවලින් සැරසී නොපැමිණියේ යැයි පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ විදුහල්පතිනිය විසින් ඔවුන් ගේට්ටුවෙන් ඇතුලට නොගැනීම නිසා (16) උණුසුම් තත්ත්වයක් ඇති විය.

ඒ හේතුවෙන් ඇති වූ උණුසුම් තත්ත්වය මත එම ස්ථානයට පොලිසිය පවා කැඳවූ අතර අවසානයේ විභාග කොමසාරිස් ජනරාල්වරයා විභාග මධ්‍යස්ථානය දින තුනකට වසා දමා තිබේ.

ගුරුවරුන් එහිදී පෙන්වා දී ඇත්තේ විභාග පිළිතුරු පත් ඇගයීම පාසලක අධ්‍යයන කටයුත්තන් නොව විභාග කොමසාරිස්වරයා යටතේ සිදුවන කාර්යයක් නිසා ඒ සම්බන්ධයෙන් විදුහල්පතිට වගකීමක් නැති බවය.

විදුහල්පතිනිය තදින් දැනුම් දී ඇත්තේත් පාසල් පැවැත්වෙන දිනයක් නිසා ගුරුවරියන් සාරි ඇඳ පාසල් භූමියට ඇතුළු විය යුතු බවයි.

ඇති වූ උණුසුම් වාද විවාද හේතුවෙන් එය පාලනය කිරීමට පොලිසිය කැඳවා තිබිණි.

පොලිසිය ද මැදිහත් වුවත් එම තත්ත්වය සමථයකට පත් නොවු නිසා විභාග කොමසාරිස් ජනරාල්රයා විසින් විභාග මධ්‍යස්ථානය වසා දමා තිබේ.

මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරන ලංකා ගුරු සංගමය ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කියා සිටින්නේ මේ පිළිබඳව විභාග කොමසාරිස් ජනරාල්වරයා සහ අධ්‍යාපන ලේකම්වරයා වහා මැදිහත්වී නිසි පියවරක් නොගතහොත් ඉක්මන් ක්‍රියා මාර්ගයකට යොමු වීමට සිදුවන බවයි.

රට පුරා පාසල්වල විභාග උත්තර පත්‍ර අගයන ගුරුවරුන් තමන්ට පහසු ඇඳුමකින් එම කටයුත්තේ නිරත වීමට බාධා මෙතෙක් මතුව නැති බවත් පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ පමණක් එවැන්නක් සිදුවීම පිළිගත නොහැකි බවත්ය.

Related posts

හිස්බුල්ලාගේ ජිහාඩ් කණ්ඩායම මෙතෙක් අවි භාරදී නැහැ | පාස්කු කොමිසමේදී හෙළිවෙයි

colombotoday

මහින්ද රාජපක්ෂටවත් කරන්න බැරිවුණ වැඩ මම කරා කියා හම්බන්තොට ජනතාව කියනවා – ඇමති අමරවීර

colombotoday

ජනපතිට විරෝධය පලකර එජාප මන්ත්‍රී පාර්ලිමේන්තුවේ ස්වාධීන වෙයි

colombotoday

ජනපති කෙන්යා යයි…

colombotoday

රනිල් සමග තවත් ආණ්ඩු කෙරුවාවල් බෑ – සන්ධානයේ තීරණය ඩිලාන් කියයි

colombotoday

රත්නපුර නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය

Admin