වී සඳහා සහතික මිලකුත් සහල් සඳහා පාලන මිලකුත් ගැසට් නිවේදනයක් මගින් ඉදිරියේදී ප්‍රකාශයට පත්කිරීම සූදානම් බව වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සඳහන් කරයි.
දැනට සහල් පවතින රුපියල් 230-240 පමණ වන මිල ගොඩක් ඉහළ යා නොහැකි බවද පැවසූහු ගොවියාටද ඒ හා සමානව වී සඳහා සාධාරණ මිලක් ලැබිය යුතු බවද පැවසීය.එ් අවශ්‍යතාවයන් දෙකම සම්බන්ධයෙන් සලකා බලා වී සහ සහල් සඳහා මිල ගැසට් කිරීමට සූදානම් බවද ඔහු කියා සිටියේය.
මාධ්‍ය අමතමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.