Colombo Today Local News

පාර්ලිමේන්තු මංත්‍රීවරුන්ට වාහන හිඟතාවයක්

ඇමති වගකීම් නොදරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ භාවිතය සඳහා වාහන හිඟතාවයක් ඇති අතර ඔවුන් සඳහා ඩබල් කැබ් රථ ආයනය කරන්නේද නැතහොත් වෙනත් මූලාශ්‍රයකින් සපයා ගන්නේදැයි සලකා බලමින් සිටින බව අමාත්‍යවරයෙක් පැවසූ බවට ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි.

පෙරදීමෙන් තීරැ බදු රහිතව වාහන ආනයනය බලපත්‍ර ලබාදීම වෙනුවට මන්ත්‍රීවරුන්ට රජයේ වාහන පැවරීමට ප්‍රතිපත්තිමය තීන්දුවක් ගෙන තිබේ.

එමෙන්ම වියදම් අඩු කිරීමේ අදහසින් ඔවුන්ට සුඛෝපභෝගී වාහන ලබා නොදීමටද රජය තීන්දු කර ඇත.

මේ සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජයපාල මහතාගෙන් පුවත්පත විමසා ඇති අතර ඔහු සඳහන් කර ඇත්තේ රජයට ප්‍රමාණවත් තරම් සුඛෝපභෝගී වාහන ඇතත් ඒවා ප්‍රතිපත්තිය අනූව මන්ත්‍රීවරුන්ට ලබා දිය නොහැකි බවයි.

සුඛෝපභෝගී වාහන සම්බන්ධයෙන් තක්සේරු කිරීමක් මේ වන විට සිදු කරමින් පවතින බවත් පසුව ඒවා වෙන්දේසි කරන බවත් හෙතෙම සඳහන් කර ඇත.

දැනට පවතින වාහන ආනයන සීමාවන් ලිහිල් කළ පසු ද්විත්ව කැබ් රථ ඔවුන්ගේ භාවිතය සඳහා ආනයනය කරන්නේ දැයි කළ විමසීමකට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේ එවැනි තීරණයක් මෙතෙක් ගෙන නොමැති බවය.

‘අපේ මන්ත්‍රීවරුන් වැඩිපුරම පළමු වතාවට පෙනී සිටින මන්ත්‍රීවරු. පාර්ලිමේන්තු සැසිවාරවලට සහභාගි වීමට කොළඹට යන්නේ තමන්ගේම වාහනවලින්. සමහර වෙලාවට ග්‍රාමීය දිස්ත්‍රික්කවලින් එන මන්ත්‍රීවරු දෙතුන් දෙනෙක් එකම වාහනයක යනවා. එය ප්‍රශ්නයක් බවට පත්වෙලා’ යයි ඔහු පැවසීය.

නමුත් ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් ලෙස කටයුතු කරන මන්ත්‍රීවරුන්ට වාහන වෙන්කර තිබෙන බවත් හෙතෙම සදහන් කර ඇත.

Related posts

මැතිවරණයෙන් පසු ජනපතිට එරෙහිව එජාපය කඩුව ඔසවන්න යයි..

colombotoday

ස.ජ.බ ට පොහොට්ටුවේ මධුර ඇතුළු පිරිසකගෙන් කුණු බිත්තර ප්‍රහාරයක්

colombotoday

උතුරේ කිසිදු හමුදා කදවුරක් ඉවත් කරන්නේ නෑ – ආරක්ෂක ලේකම්

colombotoday

අන්තවාදයට, ත්‍රස්තවාදයට හා ආගම්වාදයට එජාප යෙන් ඉඩක් නැති බව රනිල් කියයි

colombotoday

පාර්ලිමේන්තු කටයුතු අරඹයි

Admin

සුනකයින් 15ක් මරා දැමු හමුදා සෙබලා

colombotoday