Colombo Today Local News

රන්ජන් යලි අමාරුවක

කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමන්ට අපහාස වන ආකාරයේ වෛරී ප්‍රකාශ නිකුත් කර ඇති බවට එල්ලවන චෝදනාවක් සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය, රංගන ශිල්පී රන්ජන් රාමනායක මහතාගෙන් (31 දා) පැය 2ක් තිස්සේ ප්‍රශ්න කර ප්‍රකාශ ලබා ගත්තේය.

සිවිල් ක්‍රියාකාරිකයකු වන නාමල් කුමාර නමැත්තා විසින් සිදුකළ මෙම චෝදනාව සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ කොළඹ අපරාධ කොට්ඨාසය මීට ඉහතදී ඔහුගෙන් ද ප්‍රකාශ සටහන් කරගෙන තිබිණි.

රංගන ශිල්පී රන්ජන් රාමනායක මහතා කාදිනල්තුමන්ට අපහාස වන ආකාරයෙන් නිකුත් කළ ප්‍රකාශවලට අදාළ හඬපට තමන් සතු බව පවසන නාමල් කුමාර මේ සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් සහ කාදිනල්තුමන්ගෙන් ද ඉල්ලීම් කර ඇත.

මේ සම්බන්ධයෙන් නාමල් කුමාරගෙන් නැවත ප්‍රකාශ ලබාගැනීමට නියමිත බව කොළඹ අපරාධ කොට්ඨාස ආරංචි මාර්ග පැවසීය.

හේමන්ත රන්දුණු

Related posts

හිටපු ජනපතිගේ ලිපියට පුටින්ගෙන් පිළිතුරක්

colombotoday

බස් රථයක් ප්‍රපාතයකට පෙරළී 19කට තුවාල

Admin

කොරෝනා වැළදුණු චීන කත නගර 9ක සංචාරය කරලා !

colombotoday

IDH රෝහලේ ගී ගයන හෙද හෙදියෝ

colombotoday

අනිවාර්ය නිවාඩු යැවීමට එරෙහිව සතොස සේවකයන්ගේ විරෝධය

Admin

ජල නළ එළීමට කැපූ වළකට වැටී තරුණයෙක් ජිවිතක්ෂයට

colombotoday