Colombo Today Local News

ආණ්ඩුවේ මහාචාර්යලාට කම්මලේ ආචාර්ය දැනුමවත් නෑ

ජනාධිපති වටා සිටින ඇතැමුන් තමන් ආචාර්ය මහාචාර්ය යැයි විහිළු කතා කියමින් ඇතැයි හිටපු නි. අමාත්‍ය, ආචාර්ය මර්වින් සිල්වා පවසයි.

හිටපු අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ වැදගත්කම ඇත්තේ උපාධියේ නොව බුද්ධියේ බවයි.

කෙතරම් උගතකු වුව ද ප්‍රායෝගික නැත්නම් වැඩක් නොමැති බව ද ඔහු අවධාරණය කරයි.

වෛද්‍යවරයෙකු නම් රාජ්‍ය හෝ පෞද්ගලික අංශයේ සේවය කොට තිබිය යුතු බවත් විදෙස් රටක නම් එම වෘත්තියේ නොයෙදෙන විට අවුරුදු 5කට පසු දොස්තරකම අහෝසි වන බව ද මර්වින් සිල්වා ප්‍රකාශ කරයි.

ආචාර්ය මහාචාර්ය යනුවෙන් විශාල පිරිසක් සිටියත් කම්මලක යකඩ තලන ආචාරියෙකුට ඇති දැනුම ද නොමැති බවත් මේ විදිහට ගියහොත් වෙහෙර මහා දේවි කල මෙන් විශාල ශාපයක් බවට පත්ව මුහුද ගොඩ ගලනු ඇති බවත් ඔහු සඳහන් කරයි.

මහනුවර ශ්‍රී දළදා මාළිගාව වැඳ පුදා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ආචාර්ය මර්වින් සිල්වා මේ බව කීය.

Related posts

අගමැති රනිල් 2020 ජනපති කරවීමට අපකැප වෙනවා – කවින්ද ජයවර්ධන

colombotoday

ටෙන්ඩර් මගඩියක් නිසා ලිට්රෝ ගෑස් මිල යළි ඉහලට !

colombotoday

ජනපති හදිසි නිරීක්ෂණ චාරිකාවක

colombotoday

අද සහ හෙට දුම්රිය ධාවනයේ ප්‍රමාදයක්

Admin

මහජන උපයෝගිතා කොමිසම අහෝසි කරන්නැයි යෝජනාවක්

Admin

සේනා ආක්‍රමණය පිටුපස ඇමරිකාවේ මොන්සැන්ටෝ සමාගම…

colombotoday