Colombo Today Local News

අපේ සැලැස්ම ක්‍රියාත්මක කරන්න පුලුවන් ජනතාව වෙනස් වුනොත් විතරයි

රටේ සියලු දෙනා කැපකිරීමක් නොලහොත් වෙනස් වීමක් සිදු නොකළහොත් හදන සැලසුම් ක්‍රියාත්මක කරිමට පුළුවන් කමක් නැතැයි වැවිලි කර්මාන්ත අමාත්‍ය සමන්ත විද්‍යාත්රත්න මහතා සඳහන් කරයි.

අද වැඩි පිරිසක් කැමැත්ත දක්වන්නෙ තමන් වෙනස් නොවී අනෙක් පුද්ගලයාගේ වෙනස් වීම දැකීමට බවද හෙතෙම මාධ්‍ය අමතමින් කියා සිටියේය.

“ගොඩක් දෙනෙක් වෙනසට කැමතියි. ඒකට කැමති කොහොමද දන්නවාද? තමන් වෙනස් වෙන්නේ නැතිව අනිත් අයව වෙනස් වෙනවට කැමතියි. පොලීසිය කැමතියි අධ්‍යාපනය වෙනස් කරනවාට. අධ්‍යාපන ක්ෂේත්‍රයේ කට්ටිය කැමතියි පොලීසිය වෙනස් වෙනවාට.

අපි හැමෝම වෙනස් වෙන්න ඕනී. මාධ්‍යයේ ඉදන් ඔක්කෝම වෙනස් වෙන්න ඕනී. ජනාධිපතිතුමාගේ ඉදන්, මගේ ඉදන් හිතන පතන, කල්පනා කරන විදිය වෙනස් වෙන්න ඕනී.

ඒ නිසා කාගේත් කැප කිරීමක්, වෙනස්වීමක් අපි බලාපොරොත්තු වෙනවා. නැත්තන් මේ හදන සැලසුම් ඔක්කෝම ක්‍රියාත්මක කරගන්න පුළුවන්කමක් නෑ. කවුරුත් නම්‍යශීලී වෙලා වෙනස්කම් කරගන්නවා නම් අපිට පුළුවන් වෙයි මේක වෙනස් කරන්න. ”

Related posts

මොරගල්ල මුහුදේ දියනෑමට ගිය පස්දෙනෙකු දියවැලකට හසුවෙයි

colombotoday

ආසාදිතයන් ගණන 186 දක්වා ඉහළට

colombotoday

ලක්ෂ 70 ක කහ තොගයක් මාරවිල මුහුදුකටුව වෙරළ තීරයෙදී අල්ලයි

colombotoday

රවී සැගවුණු තැන ගැන මහින්දගෙන් ඔත්තුවක් !

colombotoday

මහින්ද අධිකරණයට

colombotoday

සෞදි අරාබියේ ගෘහ සේවයට ගිය කතට අල්පෙනෙති ගහලා

Admin