Colombo Today Local News

බස්වල කෑලි ගලවන එක යුක්තිය මෙහෙයුම වගේ

බස් රථවල නීති විරෝධීව සවිකර ඇති අමතර කොටස් ඉවත් කරන්නේ ක්ලීන් ලංකා වැඩපිළි යටතේ නොවන බව ජාතික ජන බලවේලග පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ මහතා සඳහන් කරයි.

එය පොලිසිය දැනටත් ඇති නීතිය ක්‍රියාත්මක කිරීමක් බවද ඔහු පවසයි.

ඇති වූ තත්ත්වයන් සමඟ බස් රථවලට නීති විරෝධී අමතර කොටස් ගලවා ඉවත් කිරීමට මාස තුනක සහන කාලයක් ලබා දී ඇති බවද ඔහු පැවසුවේය.

කෙසේ වෙතත් පොලිසිය මේ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරද්දී ඇතැම් විට යුක්තිය මෙහෙයුම වැනි ස්වරූපයක් පෙනෙන්නට ඇති බවද පැවසූ ඔහු එනිසා ඒ සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙසද පොලිසියෙන් ඉල්ලා සිටියේය.

පාර්ලිමේන්තුව අමතමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පල කලේය

Related posts

කැලණි සරසවියේ සිසුවියකටත් කොරෝනා

colombotoday

කොරෝනා ආසාදිත මව බිහි කළ බිලිඳා යහපත් සෞඛ්‍ය තත්වයෙන්

colombotoday

ජනාධිපතිවරයාට සහයෝගය දෙන්න වෙනවා අපිට

Admin

එජාප-ශ්‍රීලනිප කපුකටම ගිය රන්ජන්ට, අගමැතිකමට අලුත් නමක් ජනපති යෝජනා කරයි

colombotoday

නිවාස 12ට පැන කොල්ලකෑ මත් ලෝලියා පොලිස් දැලේ

colombotoday

“ආණ්ඩුව ත්‍රස්ත විරෝධී පනත ශක්තිමත් කරන්න තවත් පනතක් හදනවා”

Admin