Colombo Today Local News

වරාය නගර පනතට පක්ෂ උන ඉෂාක් රහුමාන්ගේ සහ අලි සබ්රි රහීම්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා නායකත්වය දරන සමස්ත ලංකා මක්කල් කොංග්‍රසයේ මන්ත්‍රීවරු දෙදෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා තිබේ.

එහි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය නායක එන්.එම් ෂහීඩ් මහතා පැවසුවේ, අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන් සහ පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී අලි සබ්රි රහීම් යන දෙදෙනාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා ඇති බවය.

මේ අතර පසුගියදා සම්මත වූ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතට අදාළ පාර්ලිමේන්තු ඡන්ද විමසීමේදී දෝෂයක් සිදු වී ඇද්දැයි සොයා බලන බව පාර්ලිමේන්තු මහ ලේකම්වරයා පවසයි.

මහ ලේකම් ධම්මික දසනායක මහතා පැවුසවේ, අදාළ ඡන්ද විමසීමේදී තාක්ෂණික දෝෂයක් හෝ වෙනත් දෝෂයක් සිදුවී ඇද්ද යන්න පිළිබඳව විමර්ශනයක් සිදුකිරීමට කථානායකවරයා නියෝග කර ඇති බවය.

පනත් කෙටුම්පතට අදාළ ඡන්ද විමසීමේදී ඇතැම් මන්ත්‍රීවරුන්ගේ ඡන්දය නිසි පරිදි සටහන් වී නෙමැති බවට ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු ප්‍රකාශ නිකුත් කර තිබුණි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ද ඒ පිළ්බඳ සොයාබලන ලෙස ලිඛිත ඉල්ලීමක් කර ඇති බව පාර්ලිමේන්තු ආරංචිමාර්ග පවසයි.

Related posts

දිවයින පුරා හදිසි තත්ත්වය බලාත්මක කිරීම ප්‍රජාතන්ත්‍රවාදට එරෙහි ක්‍රියාවක් – සජිත්

colombotoday

20ට පක්ෂ වූ ස.ජ.බ.යේ 8 දෙනා නෙරපා හැරීමට හකීම්, රිෂාඩ්, මනෝගේ අනුමැතිය

colombotoday

රට පුරා හදිසි නීතිය ක්‍රියාත්මකයි, ඇප නෑ – බලපාන කරුණු සියල්ලම මෙන්න..! (VIDEO)

colombotoday

පුංචි පුතා පාසල් ගිය පළමු දවසේම මරුවා අරන් යයි

colombotoday

කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරයේ සූක්ෂමව වලදමා තිබූ අත්විලංගුවක යතුරක් හමු වෙයි

colombotoday

“අපි අපේ රටේ නීති හදන්නෙ අපිට ගැලපෙන විදිහට” පොලිස් ඇමති කියයි

Admin