Colombo Today Local News

බැන් කී මූන් අවසන් !.. ජනපති සිරිසේන හෙට ඇමරිකාවට

එක්සත් ජාතීන්ගේ 71 වැනි මහා මණ්ඩල රැස්වීම ඇමතීම සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හෙට (18) ඇමරිකාව බලා පිටත්වීමට නියමිතය.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය ලබන මස 19 වැනි දා සිට 26 වැනි දා දක්වා පැවැත්වෙන් අතර මෛත්‍රීපාල සිරිසේන මහතා සැප්තැම්බර් 21 වැනි දා සමුළුව ඇමැතීමට නියමිතය.

සිරිසේන මහතා ජනාධිපති ධූරයට පත් වීමෙන් පසුව එක්සත් ජාතීන්ගේ වාර්ෂික මහා මණ්ඩල සැසියක් අමතන දෙවැනි අවස්ථාව මෙය වේ. ලබන මස පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සමුළුව මෙවර තුන් ආකාරයකින් වැදගත්වේ. ඒ මහා මණ්ඩල රැස්වීමට සමගාමීව ඇමරිකාව සහ ජගත් සංවිධානය එක්ව සංවිධාන කරන සරණාගතයන් සහ සංක්‍රමණිකයන් පිළිබද සමුළුව නිව්යෝක් නුවරදී සැප්තැම්බර් 19 වනදා සහ 20 වැනි දා පැවැත්වීමයි. එම සමුළුව ඇමෙරිකා ජනාධිපති බැරැක් ඔබාමා විසින් මෙහෙයවනු ලබන අතර ඔහු මෙවර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතනු ලබන්නේ අවසන් වතාවටයි.

වසර 10 ක් එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා ලෙස කටයුතු කළ බෑන්කී මූන් ද මෙවර මහා මණ්ඩල සමුළුවේදී සිය සමුගැනීමේ දේශනය පැවැත්වීමට නියමිතය. දකුණු කොරියාවේ හිටපු විදේශ ඇමතිවරයකු වූ බෑන්කී මූන් ලබන වසරේ ජනවාරි මාසයේ නැවත සියරට බලා ගිය පසු එරට ජනාධිපති ධුරය සදහා තරග කිරීමට සැලසුම් කර ඇති බව සදහන්වේ.

Related posts

අත්හිටවූ මධ්‍යම පළාතේ සංවර්ධන නිලධාරී මාරු වීම් යලි ක්‍රියාත්මකයි

colombotoday

මහරගමට පෙට් ස්කෑනරයක් ගන්න ටෙන්ඩර් දැම්මා.. මාස තුනකින් දෙනවා – රාජිත

colombotoday

මැණික් ව්‍යාපාරික තරුණයෙකුගේ සිරුර තානායමේ තිබී හමුවෙයි

colombotoday

මන්ත්‍රීවරුන් බොහෝ දෙනකු මහමගට වැටුණා… කරාබු දාගත් රැවුල් වවා ගත් අයකරන අරගල ගැන මට ප්‍රශ්නයක්

colombotoday

අසාද් සාලි සතොසට වංචා කරලා. පරීක්ෂණ ආරම්බ කල බව මූල්‍ය අපරාධ කොට්ඨාසය අධිකරණයට දැනුම්දෙයි.

colombotoday

සියලුම කෞතුකාගාර සංචාරකයින්ට යළි විවෘත කරයි

colombotoday