Colombo Today Local News

ඇමෙරිකා තානාපති ජුලී චන්ග් අධිකරණ ඇමති හමු වෙයි

අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකාවේ ඇමෙරිකා තානාපති ජුලි චන්ග් මහත්මිය අතර හමුවක් අධිකරණ අමාත්‍යාංශයේදී අද (08) පෙරවරුවේ පැවත්විණි.

ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්ත්වය, සාමකාමීබව සහ එදිනෙදා ජන ජීවිතය පිළිබඳව අතිශයින් සතුටු වන බව ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් මහත්මිය එහිදී සඳහන් කර තිබේ.

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ත්‍රස්ත විරෝධි පනත් කෙටුම්පත, ජාතික සමගිය හා ප්‍රතිසන්ධාන කාර්යාල පනත් පිළිබඳව අධිකරණ අමාත්‍යවරයා සහ තානාපතිනිය අතර අදහස් හුවමාරු කර ඇති බව ද වාර්තා වේ.

ජල ශාස්ත්‍රීය සේවය පිහිටුවීම, ජල ශාස්ත්‍රීය මැනුම් විධිමත් කිරීම, නාවික සිතියම් නිර්මාණය කිරීම ආදී නාවික හා සමුද්‍රීය කටයුතු සම්බන්ධයෙන් කෙටුම්පත් කරන ලද නව ජල ශාස්ත්‍රීය පනත් කෙටුම්පත පිළිබඳව ද තානාපතිනිය අමාත්‍යවරයා සමග එහිදී සාකච්ඡා කර ඇති බව අධිකරණ අමාත්‍යංශය සඳහන් කළේය.

Related posts

තිරිඟු පිටි මිල ඉහළට – බේකරි රැසක් වැසේ

colombotoday

බෙම්මුල්ලේදී අපරාධ කල්ලි සාමාජිකයෙක් පොලිස් වෙඩි පහරින් මරුට

colombotoday

ජීවත්ව සිටියදී ගින්දරට බයයි.. අමීන් උමරුල් ෆාරුක්ගේ දරුවන් ආදාහනයට විරුද්ධ වෙති.

colombotoday

මහනුවරට භූ චලනය පිලිබඳ පරීක්ෂණයක්

colombotoday

ක්ලබ් වසන්තගේ නිසල දේහය මල් ශාලාවට

Admin

ගංජා කිලෝ 1,481ක් ආයුර්වේද සංස්ථාවට

colombotoday