Colombo Today Local News

වගා හානි වලට දෙන්න පුලුවන් උපරිම ගාන 40000යි

වගා හානි වන්දි සම්බන්ධයෙන් පවතින නීතිමය රාමුවට යම් සංශෝධන එක් කර වගා හානි වූ ගොවින්ට දෙන වන්දි මුදල් මීට වඩා වැඩි කිරීමට අවධානය යොමු වී ඇති බව කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය ඇමැති නාමල් කරුණාරත්න මහතා පැවසිය.

නියෝජ්‍ය ඇමැතිවරයා මෙලෙස ද කීවේය.

“වගා හානි වූ අක්කරයකට දැනට දීමට හැකි උපරිම වන්දි මුදල රුපියල් 40,000යි. මේ මුදල ප්‍රමාණවත් නොවන බවට ගොවින් කරන ප්‍රකාශ සත්‍යයි. නමුත් දැනට පවතින වගා හානි වන්දි දීමේ නීති ප්‍රතිපාදන ක්‍රම වේදය මත දිය හැකි උපරිම වන්දි මුදල මෙය වෙනවා. රුපියල් 40,000ක උපරිම වගා හානි වන්දි මුදල ගත්තේත් මමත් එක්ව කළ සටනකින් පසුවයි.

වී, බඩ ඉරිඟු, අර්තාපල්, සෝයාබෝංචි, මිරිස් සහ ලොකු ලුනු භෝග 06ක් සඳහා වගා හානි වන්දි දීමට ක්‍රම වේදයක් සහ නීතිමය ප්‍රතිපාදන දැනට පවතිනවා. ඒ යටතේ පූර්ණ හාගි සහ අර්ධ හානි ආදි කාණ්ඩ යටතේ මේ වගා හානි තක්සේරු කර මේ වන විට විනාශව ඇති වී වගාව සහ ඉහත නම් සඳහන්ව ඇති අනෙක් භෝග වගාවන් වේ නම් ඒ සඳහා වන්දි දීමේ කටයුතු කෘෂිකර්ම අමාතනංශය විසින් සැලසුම් කරනවා.

රට තුළ පවතින අයහපත් කාලගුණ තත්ත්වය අඩු වීමෙන් පසුව වගා හානි පිළිබඳ දත්ත රැස්කර, එම වන්දි ගෙවීම්වලට අදාළ තක්සේරු කිරීම් සිදු කරනවා.

එහිදී හැකි උපරිම වන්දි මුදලක් ගොවියාට දීමට කටයුතු කරන ලෙස අදාළ උපදෙස් දී තිබෙනවා. වගා හානි වන්දි දෙන භෝග වලට ඇතුළත් නොවන එහෙත් පැවති අයහපත් කාලගුණය නිසා විනාශවී ඇති වෙනත් භෝග වගා ගොවීන්ට දිය හැකි සහනය පිළිබඳවත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ අවධානය යොමු වී තිබෙනවා.

ඒ අනුව මෙවැනි වගාවන් සහිත බිම්වලට සිදු වූ හානි පිළිබඳවත් තොරතුරු රැස් කිරීම කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් සිදු කරනවා.

ජනාධිපතිවරයා සමඟත්, මුදල් අමාත්‍යාංශය සමඟත් මේ පිළිබඳව සාකච්ඡා කිරීමටත්, කැබිනට් මණ්ඩලයේ අවධානය යොමු කිරීමටත් බලාපොරෙත්තු වෙනවා.”

– බුද්ධිකා ඉඹුලාන

Related posts

අභාවයට යන රමණීය පිං බිම – ගලෙන්බිදුනුවැව වේරගල පුරාණ විහාරය

colombotoday

ක්‍රිකට් තරග පාවාදීම් ගැන හොයන්න FCIDය ටෙලි නිළියකට දැළ එලයි

colombotoday

ලක්ෂ 20 ට අධික මත්කුඩු සමග කතක් පොලිස් දැලේ

colombotoday

වතු වගාව විනාශයි – වතු කම්කරු සංගමය

colombotoday

අවදානම බැහැර වී නෑ. මහා මැතිවරණය කල් දමන්න – බොදු බල සේනා රජයට කියයි

colombotoday

ඩොලර් බිලියන 1.8ක ආයෝජන මෙරටට

Admin