Colombo Today Local News

අස්වැසුම වැඩි කරයි

අස්වැසුම සුබසාධක ගෙවීම් යෝජනා ක්‍රමය 2023-07-01 දින සිට ක්‍රියාත්මක කර ඇති අතර, අංක 2384/30 දරන අති විශේෂ ගැසට් නිවේදනය මඟින් නැවත සංශෝධනය කර 2024-07-01 දින සිට ක්‍රියාත්මක කර තිබේ.

මෙම යෝජනා ක්‍රමය යටතේ අස්වැසුම සුබසාධක ප්‍රතිලාභි පවුල් සඳහා කාණ්ඩ 04 ක් යටතේ ප්‍රතිලාභ හිමි ගැන්වේ.

ආර්ථික අර්බුදයේ බලපෑම සම්පූර්ණයෙන් පහව ගොස් නොමැති බැවින්, සංක්‍රාන්තික සහ අවදානමට ලක් වූ කාණ්ඩ වලට අදාළව පළමු වටයට තේරී ඇති පවුල් සහ තෝරා ගැනීමේ කටයුතු ආරම්භ කර ඇති දෙවන වටයේ අයදුම්පත් වලට අදාළව තෝරාගනු ලබන පවුල් සඳහා තවදුරටත් කෙටි කාලයකට සහන සැලසීමේ අවශ්‍යතාව පෙනී ගොස් ඇත.

එමෙන්ම වත්මන් ජීවන වියදම සැලකු විට දැනට ලබා දෙනු ලබන මුදල ප්‍රමාණවත් නොවන බවට ද කරුණු ඉදිරිපත්ව තිබේ.

ඒ අනුව, දැනට බලපවත්නා අස්වැසුම සුබසාධක ගෙවීම් යෝජනා ක්‍රමය පහත සඳහන් පරිදි සංශෝධනය කිරීම පිණිස මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

දුප්පත් හා අන්ත දිළිඳු සමාජ කාණ්ඩ සඳහා දැනට ගෙවනු ලබන මාසික ප්‍රතිලාභ දීමනාව පිළිවෙලින් රුපියල් 8,500/- සිට රුපියල් 10,000/- දක්වාත්, රුපියල් 15,000/- සිට රුපියල් 17,500/- දක්වාත් වැඩි කිරීම සහ ඒ අනුව සංශෝධිත අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමය පාර්ලිමේන්තුව විසින් අනුමත කරනු ලබන දින සිට ක්‍රියාත්මක කිරීම.
සංක්‍රාන්තික සමාජ කාණ්ඩය සඳහා ප්‍රතිලාභ ගෙවන කාල සීමාව 2025-03-31 දින දක්වා වලංගු වන සේ දීර්ඝ කිරීම
අවදානමට ලක් වූ සමාජ කාණ්ඩය සඳහා ප්‍රතිලාභ ගෙවන කාල සීමාව 2025-12-31 දින දක්වා වලංගු වන සේ දීර්ඝ කිරීම

Related posts

අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන් සහ රාජ්‍ය ඇමති අතර සාකච්ඡාවක්

colombotoday

නුපුහුණු ශ්‍රමිකයන්ට කොරියාවේ දොරටු වැසේ

colombotoday

ත්‍රිරෝද රථයක් තුළ බිලිඳියක් අතහැර දමා ගිහින්

Admin

මුදල් එකතු කරන්න භික්ෂූන් වහන්සේලා යොදාගැනීම කැතයි.. ඒ වැඩේ පක්ෂයෙන් කරන්න තිබුණා !

colombotoday

බළලෙක් නිසා ගුරුවරියකට රු. ලක්ෂ 21ක වන්දියක්..

colombotoday

ඉතිහාසයේ මුල් වරටයි.. ඩොලරය 147ට නගී.. රුපියල අනාථයි !

colombotoday