Colombo Today Local News

නව බද්දක් නිසා බැංකු පද්ධතිය අවධානමේ

බැංකු පොලිය මත අය කරන රඳවා ගැනීමේ බද්ද 10% දක්වා ඉහළ දැමීම හේතුවෙන් තැන්පත්කරුවන් බොහෝ දෙනෙකු සිය තැන්පතු ඉවත් කර ගැනීමට පෙළෙඹෙන බවත් ඉන් බැංකු පද්ධතිය කඩා වැටීමේ අවදානම් තත්ත්වයක් උද්ගත වන බව ආර්ථික විශ්ලේෂකයෝ පවසති.

බැංකු පොලිය මත අය කරන රඳවා ගැනීමේ බද්ද 5%ක් දක්වා ඉහළ දැමීම නිසා ද බොහෝ දෙනෙක් සිය තැන්පතු ඉවත්කර ගෙන තිබෙන බවත් මේ හේතුවෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට එමගින් ලද ආදායම රුපියල් බිලියන 13 සිට 05ක් දක්වා අඩුවී තිබෙන බවත් බැංකුකරුවන්ගේ ආයතනය සඳහන් කරයි.

මේ අතර බැංකු පොලියෙන් අය කෙරෙන රඳවා ගැනීමේ බද්ද 10% ක් දක්වා වැඩි කිරීම නිසා ඒ ආදායම තව දුරටත් අඩුවනු ඇතැයි ද දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Related posts

සියලුම තැපැල් කාර්යාල අද සිට විවෘතයි

colombotoday

මීගමුව බන්ධනාගාරයට හොරබඩු විසිකළ කත අල්ලයි

colombotoday

වියළි කාලගුණයෙන් හානිවූ ගොවිබිම්, අක්කර 50,000ක් දක්වා ඉහළට

Admin

ඔඩ්ඩුසුඩාන් කල්ලිය මෙහෙයවන්නේ ප්‍රංශ කොටියෙක්‌

colombotoday

උපන් බිමේම අසරණ වූ ජාතියක් ගැන නැගෙනහිරින් ඇසෙන දුක්ඛිත කතාව !

colombotoday

අල්ලස් නඩුවෙන් ඇමති රෝහිත නිදහස්

colombotoday