Colombo Today Local News

කංචන නිසා තෙල් මිල අඩුකරන්න අමාරුයි, මාලිමාවෙන් ප්‍රකාශයක්

ජාතික ජන බලවේග ආණ්ඩුව පැමිණ පොල් ගසක් හිටවීමට හෝ කන්නයක් අස්වැද්දීමට කාලයක් ගත වූයේ නැති බව ජාතික ජන බලවේග කොලඹ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර මහතා සඳහන් කරයි.

එනිසා ජනතාවට ඊළග කන්නය එන තෙක් රටින් හෝ ගෙනැවිත් ජනතාවට කෑම දෙන බවද හෙතෙම පැවසුවේය.

මේ වන විට ගැට ගසන ලද ඉන්ධන ප්‍රශ්නය මිල සූත්‍රය අනුව අඩුවීම වැඩිවීම සිදුවන බවද හෙතෙම පෙන්වා දෙයි.

ඒ පසුගිය කාලයේ හිටපු තෙල් ඇමතිවරයා එළඹුණු ගිවිසුම් වල ප්‍රතිඵල බවද හෙතෙම පවසයි.

ඉන්ධන ගෙන්වන සමාගම් සමග එකඟවන ලද ගිවිසුම් සමාලෝචනය කර ගැනීමටවත් කාලයක් ගත නොවූ බවද හෙතෙම කියා සිටියි.

ඔහු මේ බව කියා සිටියේ මාධ්‍ය හමුවේ අදහස් පළ කරමිනි.

Related posts

ජල ගාස්තු ඉහළට

colombotoday

මාලිමාවේ අපි බොරු කියන්නේ නෑ

Admin

බදුල්ලේ නායයෑමේ අවදානමක්

Admin

පොලිස්පතිවරයා මානව හිමිකම් කොමිසමට

colombotoday

හංවැල්ලලේදී පුද්ගලයෙකුට වෙඩි තබයි

colombotoday

යුද හමුදාවේ මස් ටෙන්ඩරය අවුරුදු 14ක්ම හිටපු ඇමති ෆීලික්ස්ට

colombotoday