Colombo Today Local News

හාල් පොල් ගැටළුවට ආණ්ඩුවට විසඳුම් නෑ

ජනතාව පළපුරුද්දක් නැති පිරිසකට රට භාරදී දීමට ගත් තීන්දුව මත ඔවුන් බරපතළ ඛේදවාචකයකට මේ වන විටත් පත් වී ඇතැයි හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන සඳහන් කරයි.

වර්තමාන රජයට මුහුණ දීමට නොහැකිව ඇති සහල් ප්‍රශ්නය මෙන්ම පොල් ප්‍රශ්නය ද රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරය දරද්දී නොපැවති බවයි, ඔහු පෙන්වා දුන්නේ.

එකල සහල් ගැටලුවක් ද මතු නොවූ බවත් නොමිලේ සහල් කිලෝ විස්ස බැගින් ටොන් ගණනක් ජනතාවට බෙදා දී ඇති බව ද ඔහු පවසයි.

ශ්‍රී ලංකාවට අනතුරක් නම් බලය ඇතත් බලය නැතත්, තනතුරු ඇතත් තනතුරු නැතත් රනිල් වික්‍රමසිංහ මහතා නැවත පැමිණීමට සූදානම් බවත් වජිර අබේවර්ධන මාධ්‍ය හමුවක් අමතමින් අවධාරණය කරයි.

Related posts

සිය පියාට වෙඩි වැදුණු භයංකර ඡායාරූපයක් හිරුණිකා මුල්වරට හෙළිකරයි

colombotoday

ද්‍රවිඩ සන්ධාන බලපෑමට ඉරණමඩු හමුදා කදවුර ඉවත් කෙරේ !

colombotoday

දළඳා මාලිගාවේ වෙඩින් ප්‍රී ෂූට් එකක්

Admin

හිටපු පොලිස්පතිට එරෙහි නඩුවට පොලිස්පති අධිකරණයට එයි

colombotoday

ශ්‍රවණාබාධිතයින්ටත් රියදුරු බලපත්‍ර

Admin

පුංචි ඡන්දයේදී මහින්දගේ සහය ඒකාබද්ධ විපක්ෂයට

colombotoday