Colombo Today Local News

ජනවාරියේ පාර්ලිමේන්තුව හෙල්ලෙන හෙළිදරව්වක්

ආන්දෝලනයට තුඩු දුන් ඊවීසා සහ ඊ පාස්පෝට් ගනුදෙනු සම්බන්ධ විගණන වාර්තා ලබන ජනවාරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව රජයේ විගණකාධිපති ඩබ්ලිව් පී.සී වික්‍රමරත්න මහතා පැවසීය.

මෙම විමර්ශන බොහෝ දුරට අවසන්ව ඇති බවත් විමර්ශනවලින් අක්‍රමිකතා රැසක් අනාවරණය වී තිබෙන බවත් ජාතික විගණන කාර්යාලය පවසයි.

එම ගනුදෙනු වලට අදාළ ආයතනවලින් වාර්තා කැඳවීමට මේ දිනවල කටයුතු කරගෙන යන බවද කාර්යාලය පවසයි.

ඊවීසා සහ ඊ පාස්පෝට් ගනුදෙනු සම්බන්ධයෙන් පසුගිය කාලයේදී දැඩි ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇතිවිය.

මේ අතර රජයේ වාහන සම්බන්ධ විගණනය මේ දිනවල කරගෙන යන බව විගණකාධිපතිවරයා පැවසීය. සියලු ආයතන වලින් තොරතුරු ලබා ගැනීමට සිදුවන හෙයින් එම විමර්ශනයට තවත් කාලයක් ගතවනු ඇතැයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

lankadeepa

Related posts

කොළඹ වරාය බහලුම් පිවිසුම් මාර්ගයේ දොරටු 4 ක් වසා දැමේ..

colombotoday

සේරුවිල – සාම්පූර් ඉපැරණි චෛත්‍යයක් ඩෝසර් කරලා !!

colombotoday

වැලලෙන්න ඉල්ලා රිෂාඩ් බදුර්දීන් උසාවි යයි

colombotoday

බුර්කා තහනමට ඇමති අත්සන් තබයි

colombotoday

” මේ රට ආරක්ෂා කරගන්න ජනාධිපතිතුමා සර්ව පාක්ෂික සමුළුවක් කැඳවිය යුතුයි “

colombotoday

“ඉදිරි කාලයේ දී පොහොර මිල අඩුවෙයි.” – ජානක වක්කුඹුර

colombotoday