Colombo Today Local News

අගමැතිනියට වඩා බල‍යක් නියෝජ්‍ය ඇමතිට?

බස්නාහිර පළාතේ රජයේ පාසල් වල ගුරුවරුන්ට පුද්ගලික උපකාරක පන්ති පැවැත්වීම සම්බන්ධයෙන් සීමා පනවමින් නිකුත් කර තිබූ චක්‍රලේකය ගැන අධ්‍යාපන ඇමතිනි හරිනි අමරසූරිය මහත්මිය හා කම්කරු නියෝජ්‍ය ඇමති මහින්ද ජයසිංහ මහතා අතර මත ගැටුමක් ඇති බවට පලවන වාර්තා කම්කරු අමාත්‍යාංශය විසින් ප්‍රතික්ෂේප කරයි.

ඒ පිලිබදව පැහැදිලි කරමින් මාධ්‍ය වෙත නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

මාධ්‍ය නිවේදනය

“අගමැතිනියට වඩා වැඩි බලයක් නියෝජ්‍ය ඇමති මහින්දට ” යන පුවත පිළිබඳවයි

මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ” අධ්‍යාපන ඇමති ලෙස හරිනි නිකුත් කළ ගැසට් දෙකම මහින්ද ජයසිංහ ආපසු හරවයි ” යන මැයෙන් පළ වූ පුවත් සම්පූර්ණයෙන්ම සාවද්‍ය බව අවධාරණය කරමි.

ගුරු කාර්යක්ෂමතා කඩඉම් වෙනුවෙන් පවත්වනු ලබන මොඩියුල් පිළිබඳ පසුගියදා චක්‍රලේඛනයක් නිකුත් කර තිබුණේ, අධ්‍යාපන අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරියක විසිනුයි. එය විෂය භාර ඇමතිනිය වන අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනෙවියගේ කිසිදු අනුදැනුමකින් තොරවයි.

එමෙන්ම බස්නාහිර පළාතේ රජයේ පාසල් ගුරුවරුන්ට සිය පාසලේ ළමුන් වෙනුවෙන් මුදල් ගෙවා උපකාරක පන්ති පැවැත්වීම තහනම් කරමින් ද චක්‍ර ලේඛයක් නිකුත් කර තිබිණි. එය සිදු කර තිබුණේ, බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරිය විසිනි. අදාළ වක්‍ර ලේඛය ද විෂය භාර ඇමතිනිය, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනෙවියගේ කිසිදු අනුදැනුමකින් තොරව බවට යළි අවධාරණය කරමි.

කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා මෙම ගැටලුවට මැදිහත් වූයේ ඉතා දීර්ඝ කාලයක් ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම්වරයා ලෙස ගුරු – විදුහල්පතිවරුන්ගේ ගැටලු වෙනුවෙන් නිස්සරණ ධ්‍යාශයෙන් පෙනී සිටි බැවිනි.

ස්තූතියි
බුද්ධි ගුණසේකර
කම්කරු නියෝජ්‍ය අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම

Related posts

මෘදුකාංග ඉංජිනේරු උපාධිය හඳුන්වා දී සිසුන් 40,000 ක් අලුතෙන් බඳවා ගැනීමට ජනාධිපතිගෙන් තීරණයක්

colombotoday

හිගුරක්ගොඩ ෆේස්බුක් සාදයකදි තරුණ තරුණියන් 83ක් අත්අඩංගුවට

colombotoday

‍රටේ බංකොලොත් ලේබලය අපි ඉවත් කලා-මාලිමා මන්ත්‍රී කියයි

Admin

කන්න 3කට පසු ගොවීන් ලක්ෂ 12කට අද සිට මඩ පොහොර

Admin

ගංජා වැවූ මොනරාගල SSP මාට්ටු

Admin

රනිල් අගමැති කරන්න TNA උදව් කලාට එජාප ආණ්ඩුවට එක් වෙන්නේ නෑ – සුමන්දිරන්

colombotoday