Colombo Today Local News

‘කාඩිනල්’ සුදුසු බිම ඔපදැමීමට පමණයි

තමන් තමන් කුඩා කාලයේදී තම මව තම නිවසේ බිමට දිදුලන බැබලීමක් ලබා ගැනීමට කාඩිනල් නම සහිත පොලිෂ් වර්ගයක් භාවිතා කළ බව දේවගැතිවරයකු බව කියන ජෙරම් ප්‍රනාන්දු සඳහන් කරයි.

තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඔහු පෙන්වා දෙන්නේ තම කුඩා කල මතකයන් අතර තම මව බොහෝ නත්තල් සමයන්හි මෙම වෙළඳ නාමය ඇති කාඩිනල් වර්ගයෙන් ගෙදර බිම ඔපදමන බවයි.

එය බිමට ඉතා හොඳ බවත් බොහෝ දීප්තිය ගෙන දෙන බවත් පවසන ඔහු තමන් එවන් අවස්ථානල මවගේ බිම මදිනය මතට නැගීමටද කටයුතු කර ඇති බවද කියා සිටීම.

ඔහු මෙම සටහන තබන්නේ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමියන් විසින් පසුගියදා පැවති උත්සවයකදී ජෙරම් ප්‍රනාන්දු සම්බන්ධයෙන් දැඩි ප්‍රකාශයක් නිකුත් කර ඇති පසුබිමකදීය.

අගරදගුරුතුමන් කියා සිටියේ ජෙරම් ප්‍රනාන්දු දේවදිවරයෙක් නොවන බවත් ඔහු එම ඒ බව පවසමින් ජනතාව නොමග යවමින් සිටින බවත්ය.

මෙම පුද්ගලයා තවත් කිහිපදෙනෙකුගේ සහාය ඇතිව විශාල වංචාවකට සම්බන්ධ බවද පැවසූ අගරදගුරුතුමන් ඔහු ශ්‍රී ලංකාව තුළ ආගමික භේද ඇති කිරීමට උත්සාහ දරණ බවද කියා සිටියේය.

Related posts

මුදල් අමාත්‍යාංශය අගමැති මහින්ද යටතට…

colombotoday

ඡන්දෙන් පසු ප්‍රබල අමාත්‍යාංශ තුනක් ජනපති යටතට

colombotoday

දුම්රිය මාර්ග ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියක් අරඹයි

Admin

දින 44ට ගෑස් අනතුරු සම්බන්ධ සිද්ධි වාර්තා වීම් 727ක්

colombotoday

ආණ්ඩුව, ඇමතිලා පිස්සු නැටුවා.. භික්ෂූන් වහන්සේ, ජනමාධ්‍ය, සිවිල් සංවිධාන නොහිටින්න ජනතාව මරු කටේ

colombotoday

යාපනේ සහජීවන ගුටි ප්‍රහාරය හා අරුම පුදුම ඇප දීම ගැන දෙරණේ චතුර මෙසේ කියයි

colombotoday