Colombo Today Local News

තොණ්ඩා සහ මාලිමාව ගැටෙයි

ජාතික ජන බලවේගයට අනුබද්ධ සමස්ත ලංකා වතු කම්කරු සංගමයේ සමාජිකත්වය ලබාගත් එකම පවුලේ තිදෙනෙකුට ලංකා කම්කරු කොන්ග්‍රසයේ ආධාරකරුවෙකු පහර දුන්නේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් මත එම ආධාරකරුවා අත්අඩංගුවට ගත් බව නොර්වුඩ් පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක රාජනායක පැවසිය.

නොර්වුඩ් පොලිස් වසමට අයත් නිව්ටන් වතුයායේ පදිංචි ලංකා කම්කරු කොන්ග්‍රසයේ හිටපු ආධාරකරුවෙකු ඔහුගේ බිරිද සහ දෙළොස් හැවිරිදි පිරිමි දරුවාට සැකකරු විසින් පහර දි තුවාල සිදු කර ඇති බවයි ස්ථානාධිපතිවරයා කියා සිටියේ.

පහර කැමෙන් තුවාල ලැබු තිදෙනා දික්ඔය මුලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබයි.

2025 වසර වෙනුවෙන් වතු වෘත්තිය සමිති වලට සමාජිකයන් බදවා ගැනිමේදි ලංකා කම්කරු කොන්ග්‍රසයේ මෙතෙක් සමාජිකත්වය දැරු විශාල පිරිසක් සමස්ත ලංකා වතු කම්කරු සංගමයේ සමාජිකත්වය ලබාගෙන ඇති බවත්, පහර දිමෙන් තුවාල ලැබු පිරිමි පුද්ගලයා සහා කාන්තාවද එම සමාජිකත්වය ලබාගැනිම නිසා සැකකරු උරණ වි මෙම පහර දිම සිදු කර ඇති බවයි ජාතික ජන බලවේගයේ සමස්ත ලංකා වතු කම්කරු සංගමයේ උපලේකම් සහ නුවරඑලිය දිස්ත්‍රික් පා.ම ක්‍රිෂ්ණන් කලෙයිචෙල්වි මෙනවිය කියා සිටියේ.

එම වතුයායේ වතු වෘත්තිය සමිති සමාජිකයන් 40 දෙනෙකුගෙන් 27 දෙනෙකු තම වෘත්තිය සමිති සමාජිකත්වය ලබාගෙන ඇති බවත්, සමස්ත වතුකරයේම වතු වෘත්තිය සමිති වල මෙතෙක් සමාජිකත්වය දැරු 75% ක පමණ වතු කම්කරුවන් පිරිසක් තම වෘත්තිය සමිතියේ සමාජිකත්වය දැරිම නිසා අනෙකුත් වෘත්තිය සමිති වල සමාජිකතයන්ගෙන් තම වෘත්තිය සමිතියට එක් වු සමාජිකතයන්ට විවිධ අයුරින් බලපැම් සහ තර්ජන සිදු කරන බවයි ක්‍රිෂ්ණන කලෙයිචෙල්වි මෙනවිය කියා සිටියේ.

Related posts

භික්ෂූන් වහන්සේලාට එජාපයෙන් තහනමක්…

colombotoday

ජනපති රාජ්‍ය නිලධාරීන්ගේ යුරෝපීය ඇඳුම ගලවයි !

colombotoday

15 හැවිරිදි දැරිය අපයෝජනය කළ 20ක් අත්අඩංගුවට | දැරිය ප්‍රවාහනය කළ 6කුත් හදුනාගනී

colombotoday

කලාකරුවන්ට දුන් පොරොන්දු ජනාධිපතිතුමා ඉටු කළේ නැහැ

colombotoday

හද කම්පා කරවන දෙවනගල මුස්ලිම් ආක්‍රමණය

colombotoday

ගොඩනැගිල්ලක සිව්වැනි මහලින් වැටී පෙදරේරුවෙකු මරුට

Admin