Colombo Today Local News

ජනපති අනුර ඉදිරියේ අන්තවාදයට ඉඩක් නෑ

ජාති ආගම් බේදයකින් තොරව ජනතාව එකමුතු කිරීම වැදගත් බව මෙරට අමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් මහත්මිය පවසයි.

“නව ජනාධිපති අනුර කුමාර දිසානායක එක්සත්භාවය ගැන කතා කළා. ඔබේ ජනාධිපතිවරයා ප්‍රකාශ කළා මේ රටේ වර්ගවාදයට හෝ අන්තවාදයට කිසිදු ඉඩක් නොමැති බව. ඔබේ සියලු විෂමතාවන් සහ විවිධත්වයන් සැමරිය යුතු කාරණා. එමඟින් සියල්ලන්ම සාමකාමී එක් ජන ප්‍රජාවක් බවට පත්වේවී.

ජන ප්‍රජාවන් එක් කරමින් එම දැක්මට දායකවන්න ‘අමෙරිකන් කෝනර්’ එකට හැකියාවක් ලැබීම ගැන මම ඇත්තෙන්ම ආඩම්බර වෙනවා. ඔබේ පසුබිම, භාෂාව, ආගම, ආර්ථික මට්ටම, ඔබ කාන්තාවක් ද පිරිමියෙක්ද හෝ කවරෙක්ද යන්න එහිදී වැදගත් වන්නේ නැහැ. වැදගත් වන්නේ ජනතාව එකමුතු කිරීමයි.”

මහනුවර මහ නගර සභාවේ ඩී.එස්.සේනානායක අනුස්මරණ මහජන පුස්තකාලයට අනුබද්ධ, අමෙරිකානු තොරතුරු පියස පිහිටුවා වසර 20ක් සැපිරීම නිමිත්තෙන් මහනුවර පැවැති උත්සව සභාවක් අමතමින් ජූලි චන්ග් මේ බව සඳහන් කළාය.

Related posts

ගම්මන්පිල ප්‍රශ්න කරන්න කැඳවන්න

Admin

තුන්වේල කන්න පුළුවන් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවකට විතරයි – රනිල්

colombotoday

මාර්තුවේ මැතිසබේ විසිරෙව්වොත් මන්ත්‍රීවරුන් 64 කට පැන්ෂන් නෑ

colombotoday

2018දී අලි – මිනිස් ගැටුමේ ප්‍රතිඵලය මෙන්න

colombotoday

මරාගෙන මැරෙන බෝම්බකරුවන් පරිහරණය කළ යතුරුපැදි ගැන තොරතුරු හෙළිවෙයි…

colombotoday

තවත් ප්‍රබලයෙක් විමල් හැර යයි… ජනපතිට සහය දක්වා ශ්‍රීලනිප යට එක්වෙයි

colombotoday