Colombo Today Local News

“එක රණවිරුවෙක්වත් අපි හිරේ දාල නෑ.. මේක රණවිරුවන්ට ගෞරවය දෙන ආණ්ඩුවක්“ – මරික්කාර්

marikkarයුද්දේ පවතින කාලයේදී යුද්දෙට මුවා වෙමින් සුද්දේ දාපු පුද්ගලයින් බේරාගැනිමට මේ ආණ්ඩුව මැදිහත් නොවෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා කොළොන්නාව ප්‍රදේශයේ සංවර්ධනය කරන ලද අතුරු මාර්ග ජනතා අයිතියට පවරා දීමේ උත්සවයකදී පවසන ලදී.

එහීදී මන්ත්‍රීවරයා තවදුරටත් මෙලෙස අදහස් දක්වන ලදී. පසුගිය ආණ්ඩුවේ අය කියනවා 2009 මැයි මාසේ 19 වෙනිදා ඒගොල්ලෝ යුද්දේ හරියට ඉවර කළා කියලා. යුද්දේ හරියටම ඉවර කරා කියලා විශ්වාස කරනවා නම් ආයි කෑ ගහන්න වුවමනාවක් නෑනේ. විශේෂයෙන්ම ගම්මන්පිල මහත්තයා හැමදාම කොටි එනවා කියලා කෑ ගහලා. රණවිරු දඩයම කියලා කියනවා. අපි අහන්න කැමතියි 2015 ජනවාරි මාසේ 09 වෙනිදායින් පස්සේ එල්ටීටීඊ සංවිධානයට එරෙහිව යුද්ධ කලා කියලා, ඔවුන්ගේ ආයුධ ගිනි තිබ්බා කියලා,උතුරු නැගෙනහිර පළාත් අපේ හමුදාව යටතට පත් කර ගත්තා කියලා මොන රණවිරුවද අපේ ආණ්ඩුව යටතේ හිරේ දැම්මේ කියලා අහන්න කැමතියි.

යුද්දේ කරපු රණවිරුවන්ට ගෞරවය ලබා දෙන ආණ්ඩුවක් මේක හැබැයි යුද්දේ අස්සේ සුද්දේ දාපු අය බේරගන්න මේ ආණ්ඩුව කැමති නෑ. යුද්දේට මුවා වෙලා ලසන්ත, ප්‍රගීත්, තාජුඩීන් යනාදීන් මරපු සහ උස්සපු අය ඉන්නවා. රත්තරං උස්සපු අය, මිග් ගණුදෙනු කරපු අය, ඉන්නවා. ඒ නිසා යුද්දේට මුවා වෙලා සුද්දේ දාපු අයට විරුද්ධව කටයුතු කළේ නැති නම් සැබෑ ලෙස යුද්දේ කරපු රණවිරුවන්ට කරපු ද්‍රෝහී කමක්. සැබෑ ලෙස යුද්දේ කරපු රණවිරුවන්ව හිරේ දාලත් නෑ හිරේ දාන්නෙත් නෑ.

– මිනුර රෂාන්ත

Related posts

චාමරට විවේකය අවශ්‍යයි – වෛද්‍යවරයෙකුගෙන් ආරංචියක්

Admin

සඳහිරු සෑයට රත්‍රං දුන්නේ ආරක්ෂක මණ්ඩලයේ තින්දුවකටයි. – නිලධාරීන්ගෙන් පලිගැනීම වැරදියි. හිටපු ජනපති

colombotoday

රත්මලානේ වෙඩි තැබීමකින් අයෙක් මරුට

colombotoday

මොරගහකන්ද ජලාශය ජනපති අතින් අද ජනතා අයිතියට !

colombotoday

බන්ධුල ගුණවර්ධනත් ආසන සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වෙයි !

colombotoday

වෙස්වලා ගත් විමර්ශන නිලධාරීන් විහාරස්ථානවල බුද්ධ ප්‍රතිමා කොල්ලකයි

colombotoday