Colombo Today Local News

දන්නේ නැත්නම් සීයා උපදෙස් දෙන්න සූදානම්

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ගැන ජනාධිපතිවරයාට තේරෙන්නේ නැත්නම් සීයාගෙන් අසා දැනගන්නැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීමට ගාල්ල ප්‍රදේශයේ ජන හමුවක් අමතමිනි.

“පාර්ලිමේන්තු ඡන්දයේ වැදගත්ම අංශය ආර්ථිකයයි. අපි අයි.එම්.එෆ් සමග වැඩසටහනක් ඇතිකරා. දැන් ඒක ඉදිරියට ගෙනියන්නේ කොහොමද කියලා ජනාධිපතිවරයා පැවැසිය යුතුයි. නැත්නම් ඒක සම්පූර්ණයෙන්ම නැති කරනවාද කියලා ඔහු කිව යුතුයි. ඔවුන් දෙපාරක් සාකච්ඡා කලා අයි.එම්.එෆ්. සංවිධානය සමග.

ජනාධිපතිවරයා ඊයේ කිව්වා අපිට නොවැම්බර් වනවිට තුන්වැනි වාරිකය ලබාගත හැකියි කියලා. ඒක තමයි ආර්ථිකය ස්ථාවර කරන්න යොදාගෙන තියෙන සැලැස්ම කියලා ඔහු කියනවා.

දැන් තුන්වැනි වාරිකය ගැන සාකච්ඡා කරන්නේ නොවැම්බර් මාසේ. එවර එකඟ වුණොත් එන අවුරුද්දේ ලබා ගන්න පුළුවන්. නැත්නම් මේ අවුරුද්ද අවසානයේදී. එකඟ වෙන්නේ නැත්නම් මොකද කරන්නේ. ඒ නිසා රටට කියන්න ඕනේ මොකක්ද තමන් ගත්ත ස්ථාවරය කියලා”

Related posts

රු.65ක්ව පැවැති ආනයනික සහල් වෙළඳ බද්ද රුපියලට අඩු කරයි

Admin

උතුරේ විවෘත කෙරුණ නාමල්ගේ මැතිවරණ කාර්යාල.

Admin

බෙල්ලන්විල පෙරහරට මාර්ග රැසක් වැසෙයි… විකල්ප මාර්ග භාවිත කරන

Admin

අද පැයක විදුලි කප්පාදුවක්

colombotoday

“මට ඕවා මතක නෑ..” – රවීගේ ලෙඩේ රාජිතටත් බෝවෙයි (Video)

colombotoday

ආනයනයට සීමා පැනවූ භාණ්ඩ වර්ග 300කට අධික සංඛ්‍යාවක ලැයිස්තුව මෙන්න

colombotoday