Colombo Today Local News

වසන්ත කංචන රතු ඉරේ ඇවිලෙයි

ස්වර්ණවාහිනී නාලිකාවේ ඊයේ පැවති ‘රතු ඉර’ වැඩසටහනේදී උණුසුම් වාද විවාද කිහිපයක්ම ඇති විය.

ආණ්ඩු පාර්ශවයෙන් සංවාදයට පැමිණ සිටි ජාතික ජන බලවේග පාර්ලිමේන්තු අපේක්ෂක වසන්ත සමරසිංහ මහතා සහ හිටපු බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා අතර එක් උණුසුම් සංවාදයක් ඇති වූයේ ඉන්ධන මිල සූත‍්‍රය හා මෙරට ඉන්ධන අලෙවිකරන සමාගම් සමග ඇති ගිවිසුම් සම්බන්ධයෙනි.

එහිදී සමාගමක් රජයට අලාභ ඉල්ලා ලිපියක් එවා ඇතැයි ජනාධිපතිවරයා විසින් පැවසූ ප්‍රකාශයක් සම්බන්ධයෙන් කංචන විජේසේකර මහතා කියා සිටියේ එය රාජ්‍ය පාලනය අනවබෝධය මත සිදු කරන ලද ප්‍රකාශයක් බවත් එවන් ලිපි ඕනෑ තරම් තම ආණ්ඩුව යටතේත් ඊට පෙර ආණ්ඩුවලටත් ලැබී ඇති බවත්ය.

නමුත් ඒ කිසිවෙකු එම සමාගම් වලට අලාභ ගෙවා නැති බවත් මෙවර පැමිණ ඇති ලිපියට ද නීතිපතිවරයාගෙන් උපදෙස් ලබාගෙන අදාළ නීත්‍යානුකූල කටයුතු කළ හැකි බවද ඔහු පෙන්වා දුන්නේය.

කිසියම් සමාගමකට අලාභ ගෙවීමට රජය බැඳී සිටින්නේ ඔවුන්ගේ නිෂ්පාදන පිරිවැය හා ඉන්ධන මිල සූත්‍රය අනුව නියම කරන මිලට වඩා අඩු මිලකට සහනාධාරයක් යටතේ රජය විසින් අඩු මිලකට ඉන්ධන නිකුත් කරන්නේ නම් පමණක් බවද ඔහු තවදුරටත් පැවසුවේය.

ඒ අනුව පෙර පැවසූ පරිදි වර්තමානයේදී ඉන්ධන බදු සියල්ල ඉවත් කිරීමට රජයට හැකි බවත් කිසිදි සමාගමකට අලාභ ගෙවීමක් සිදු නොවන බවත් ඔහු තවදුරටත් එහිදී පැවසුවේය.

Related posts

නාමල් කෝටි 20ක් ඉල්ලා FCIDයට එරෙහිව නඩු දමයි

colombotoday

ගිනි අවි 02 ක් සමග පුද්ගලයෙකු පෙලෙයිමුරුකණ්ඩිය ප‍්‍රදේශයේදී අත්අඩංගුවට

colombotoday

හිජාස් හිස්බුල්ලාගේ සංවිධානයකට ත්‍රස්ත කටයුතුවලට අරමුදල සපයන ආයතනයකින් අරමුදල් සපයලා – CIDය අධිකරණයට දන්වයි

colombotoday

විකට නළු බන්දුට ඉතාලියේ තනතුරක්

colombotoday

බන්ධනාගාර රැඳවියන් බැලීමට අද සිට යළි අවසර

colombotoday

පානදුර මූලික රෝහලේ ප්‍රතිකාර ලැබූ ඖෂධ නියාම අධිකාරියේ සේවකයකුගේ මරණය ගැනත් සැකයක්

Admin