Colombo Today Local News

අනුර ඇවිල්ලා සති 6යි ගත්ත ණය ට්‍රිලියන 1යි

වත්මන් ආණ්ඩුව පසුගිය සති හයට පමණක් රුපියල් ට්‍රිලියන 1.162ක් ණය ලබාගෙන ඇතැයි පිවිතුරු හෙළ උරුමය නායක සර්වජන බලය කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක නීතීඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

ඒ මහතා මේ බව සදහන් කර සිටියේ මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

උදය ගම්ම්නපිල මහතා එහිදී වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වීය.

ආණ්ඩුවේ ණය රුපියල් ට්‍රිලියනය ඉක්මවයි

ඊයේ දවසේ දී වත්මන් ආණ්ඩුව ලබාගෙන තිබෙන මුළු ණය මුදල රුපියල් ට්‍රිලියනය ඉක්මවා ගියා. ඊයේ නොවැම්බර් 6 වන දා ආණ්ඩුව විසින් භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමෙන් රුපියල් බිලියන 175ක් ණයට ගත්තා. අද දිනයේ තවත් රුපියල් බිලියන 17.5ක් ණයට ගැනීමට නියමිතයි. ඒ අනුව වත්මන් ආණ්ඩුව පසුගිය සති හයට පමණක් රුපියල් ට්‍රිලියන 1.162ක් ණය ලබා ගෙන තිබෙනවා. බිලියන ට්‍රිලියන කිව්වාම සාමාන්‍ය ජනතාවට තේරෙන්නේ නෑ. සාමාන්‍ය ජනතාව දන්නේ කෝටි වලින්. නමුත් කෝටි වලින් කියා ගන්න බැරි තරම් මේ ඉලක්කම ලොකුයි. කෝටි සීයක් බිලියන එකයි. බිලියන 1,000ක් ට්‍රිලියන එකයි. දැන් කෝටි වලින් එන ගණන හිතා ගන්න පුළුවන්නෙ.

මේ ණය ලබා ගැනීමේ දී භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමෙන් බිලියන 963ක් බැඳුම්කර නිකුත් කිරීමෙන් බිලියන 139ක් සහ ලෝක බැංකු ණයක් ලෙස ඩොලර් මිලියන 200ක් ණයට ලබා ගෙන තිබෙනවා. මේ ආණ්ඩුව බලයට එනවිට නිදහසින් පසුව ගෙවුණු වසර 76ටම ලබා ගත් ණය වලින් ගෙවීමට ඉතිරි වී තිබුණේ රුපියල් ට්‍රිලියන 30යි. නමුත් පසුගිය සති හයට ලබා ගෙන තිබෙනවා ට්‍රිලියන 1.16ක්. මේ ආණ්ඩුව වසර පහක් බලයේ හිටියොත් ශ්‍රී ලංකාව යළි ගොඩ ගැනීමට නොහැකි ණය කන්දකට යට කරන බව නම් සහතිකයි.

ජනාධිපති අනුර දිසානායක මැතිතුමා විපක්ෂයේ සිටිය දී කිව්වේ ණය අරගෙන රට පාලනය කරන්න නම් ජනාධිපති කෙනෙකු මොකටද? එතුමා දැන් ජනපති වෙනුවට ණයපති වෙලා. එතුමා විපක්ෂයේ ඉදන් කිව්වේ ණය අරගෙන රටක් කරන්න ජනපති කෙනෙක් මොකටද කියලයි. දැන් එතුමා ඉල්ලා අස්වෙන්න හිතනවද දන් නැ. ඒ වගේම ඉතිහාසයේ ලොකුම ණය මුදල අරගෙන අපි නම් ණය අරගත්තේ නෑ කියමින් ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක තවමත් ජනතාව රවටන්න උත්සාහ කරනවා. බොරුව අහු වුණාට පස්සේ විජිත හේරත් මැතිතුමා කියනවා අපි අළුතින් ණය ගත්තේ නෑ. තිබෙන ණය පියවන්න පමණයි ණය ගත්තේ කියලා.

තිබෙන ණය පියවන්න පමණක් ණය ගන්නවා කියන එක ආණ්ඩුවේ තවත් බොරුවක්. පසුගිය ඔක්තෝම්බර් මාසයේ දී ආණ්ඩුව රුපියල් බිලියන 629.75ක භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරලා තිබෙනවා. නමුත් ඒ මාසයේ දී කල් පිරිලා තිබෙන්නේ රුපියල් බිලියන 532.65ක භාණ්ඩාගාර බිල්පත් විතරයි. කල් පිරෙන බිල්පතේ මුහුණත අගය තුල පොලියත් එකතු වී තිබෙනවා. ඒ කියන්නේ රුපියල් බිලියන 97ක් ඔක්තෝම්බර් මාසයේ දී පමණක් ආණ්ඩුවේ ප්‍රයෝජනයට ණයට ගත්තා කියන එකයි.

Related posts

හිස්බුල්ලාගේ තර්ජනය ඉස්ලාම් නොවන අයට එරෙහිව ‘මිලේච්ඡ ජිහාඩය‘ ළග එන බවට ඉගියක් !

colombotoday

මන්ත්‍රී රාජිතට අයත් වත්තක් ගැන පැමිණිල්ලක්

colombotoday

රණවිරු දඩයම නවතනු! පෙත්සමට නැගෙනහිර භික්ෂූන් වහන්සේලා රුධිරයෙන් අත්සන් තබයි

colombotoday

මත්පෙති 18,000ක් පේසාලේ දී STF භාරයට

Admin

බ්‍රිතාන්‍ය යුරෝපා අවුලෙන් අපිත් අමාරුවේ.. ඉක්මනට ETCA ගහන්න වෙයි !

colombotoday

රාජාංගනයේ ගම්මාන 24ක් ලොක්ඩවුන්

colombotoday