Colombo Today Local News

ජනාධිපති කාර්යාලයේ ඉල්ලීම මත්පැන් සමාගම් ප්‍රතික්ෂේප කරයි

සෙවණගල හා පැලවත්ත සීනි කර්මාන්ත ශාලාවල එතනෝල් ලීටර් මිලියන තුනකට අධික ප්‍රමාණයක් එකතු වී ඇති බැවින් එය මිලදී ගන්නා ලෙස ජනාධිපති කාර්යාලය කළ ඉල්ලීමක් මත්පැන් සමාගම් විසින් ප්‍රතික්ෂේප කර තිබෙන බව වාර්තා වේ.

මත්පැන් නිෂ්පාදන සමාගම් සමග ජනාධිපති කාර්යාලයේදී පැවැත් වූ විශේෂ සාකච්ඡාවකදී ජනාධිපති ලේකම්වරයා පවසා ඇත්තේ, සෙවණගල හා පැලවත්ත සීනි කර්මාන්ත ශාලාවල එකතු වී ඇති එතනෝල් මිලදී නොගැනීම නිසා උක් ගොවීන්ට ලබාදෙන දීමනා ගෙවීමට නොහැකි තත්ත්වයක් මතුව ඇති බැවින් එම එතනෝල් මිලදී ගැනීමට කටයුතු කරන ලෙසයි.

ඒ, රුපියල් 5,000ක්ව පැවති අදාළ දීමනාව පසුගිය රජය විසින් රුපියල් 10,000 දක්වා වැඩි කර ඇති පසුබිමක් තුළ ය.

එහිදී මත්පැන් නිෂ්පාදකයන් පෙන්වාදී ඇත්තේ මත්පැන් සඳහා පැවති ඉල්ලුම අඩුවී ඇති බැවින් තමන් මත්පැන් නිෂ්පාදනය අවම කර ඇති බවය. එම නිසා සුරාබදු ආදායමද පහත වැටී ඇති බවත් පෙන්වා දී ඇති මත්පැන් නිෂ්පාදකයින් ඉල්ලා ඇත්තේ මත්පැන් සඳහා පනවා ඇති බදු අඩු කරන ලෙසයි.

Related posts

තවත් ඇමතිකම් 6කට ජනපති නම් ඉල්ලයි…

colombotoday

බස් ගාස්තුද ඉහලට

Admin

නිදහසින් පසු ශ්‍රී ලංකාවේ විශාලතම ආර්ථික අවපාතය පසුගිය වසරේ වාර්තා කරයි – ශ්‍රී ලංකා මහ බැංකුව

colombotoday

බස් රථයක් ප්‍රපාතයකට පෙරළී 19කට තුවාල

Admin

‘ලංකාව අරාබියක් කරමු’ සගරා තොගයක් මුද්‍රණයේ .. – ඇණැවුම අරාබි පාසැලකින්

colombotoday

ඉදිරියේ දී රෝගී තත්ත්ව ව්‍යාප්ත වීම මත රට යලිත් Lockdown කරන්න වෙයි -වසංගත රෝග විද්‍යාං අංශ ප‍්‍රධානී

colombotoday