Colombo Today Local News

නිදහසින් පසු ශ්‍රී ලංකාවේ විශාලතම ආර්ථික අවපාතය පසුගිය වසරේ වාර්තා කරයි – ශ්‍රී ලංකා මහ බැංකුව

නිදහසින් පසු ශ්‍රී ලංකාවේ විශාලතම ආර්ථික අවපාතය පසුගිය වසරේ වාර්තා කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

2020 වසර සඳහා වන ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාව මඟින් මේ බව අනාවරණය කර ඇති බව සඳහන් වේ.

අදාළ මහ බැංකු වාර්තාව ඊයේ (30)දින ප්‍රකාශයට පත්කෙරුණි.

එමඟින් දක්වා ඇත්තේ පසුගිය වසරේදී ශ්‍රී ලංකාවේ ආර්ථිකය සියයට සෘණ අගයක් එනම් සියයට 3.6 ආර්ථික අවපාතයක් පෙන්නුම් කරන බවය.

පසුගිය වසරේ බලපෑ කොවිඩ් -19 ව්‍යාප්තිය වැළැක්වීමේ අරමුණින් දේශිය හා ගෝලීය වශයෙන් පැනවූ බාධක මීට හේතු වී ඇති බව මහ බැංකුව පෙන්වා දෙයි.

ඉදිකිරිම් හා නිෂ්පාදන ක්‍රියාකාරකම් සැලකිය යුතු පසුබෑමකට ලක්වීම හේතුවෙන් කර්මාන්ත අංශයේ දරුණු පසුබෑමක් දක්නට ලැබුණු අතර ප්‍රවාහන හා වෙනත් පෞද්ගලික සේවා අඩාල විම හේතුවෙන් සේවා අංශයෙහි සංකෝචනයක් ද වාර්තා වූ බව මහ බැංකු වාර්ෂික වාර්තාවේ තවදුරටත් සඳහන් වේ.

මීට අමතරව 2019 වසරේ ඩොලර් 3,852ක්ව පැවති ඒක පුද්ගල ආදායම පසුගිය වසරේදී ඩොලර් 3,682ක් දක්වා පහත බැස ඇති බව ද මහ බැංකු වාර්තාවෙන් අනාවරණය කරයි.

Related posts

විදුලි බලාගාර වලට නැප්තා ලීටර ලක්‍ෂ 12 ක්

colombotoday

රිෂාඩ් යලි රක්ෂිත බන්ධනාගාර ගත කරයි

colombotoday

ඇමැති පවුල්වලට හොර රහසේ එන්නත ලබා දෙනවා

colombotoday

භික්ෂූන් වහන්සේලාට මරණ තර්ජනය කිරීම නින්දිතයි – හින්දු සම්මේලනයෙන් ජනපතිට පැමිණිළි

colombotoday

හදිසි නීතිය අවලංගු කරමින් ජනපතිගෙන් අතිවිශේෂ ගැසට් නිවේදනයක්

colombotoday

සතුරු බලවේග පරදා, දිනූ මව්බිමේ නිදහස රැකදෙන්න.. මහ සඟරුවන සත්‍යක්‍රියාවක

colombotoday