Colombo Today Local News

අපිට ජාත්‍යන්තර සහය තියනවා,චීනෙන් නොමිලේ පාසල් ඇදුම් දුන්නා

සිය ආණ්ඩුව බලයට පත්වීමට පෙර එල්ල කළ සියලු චෝදනා අද වන විට අසත්‍ය වී ඇතැයි ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි.

මාලිමාණ්ඩුවට ජාත්‍යන්තර සහය නොලැබෙන බව ප්‍රකාශ කළ ද⁣ මේ වන විට ලංකාවේ වැඩිම ජාත්‍යන්තර සහයක් ලද ආණ්ඩුව බවට සිය ආණ්ඩුව පත්ව ඇතැයි ද ඔහු පෙන්වා දෙයි.

ලොව පුරා රටවල තානාපති නිලධාරීන් ජනාධිපතිතුමා ප්‍රමුඛ ආණ්ඩුවේ ප්‍රධානීන් හමු වී සහය පලකරමින් ඇතැයි ද ඔවුන් මුණ ගැසීමට දින ලබා දීම ද ගැටලුවක් බවට පත්ව ඇතැයි හෙතෙම සඳහන් කරයි.

මෙවර පාසල් නිල ඇඳුම් සඳහා සියලු රෙදි නොමිලේ ලබා දීමට චීනය තීරණය කර ඇති බවත් ලොව බලගතු රටවල් නියෝජනය කරන බ්‍රික්ස් සමුළුවට ලංකාව එකතු කර ගැනීමට ඔවුන් සූදානම් බව ද ටිල්වින් සිල්වා සඳහන් කළේය.

ජාතික ජන බලවේග ජනහමුවක් අමතමින් ඔහු මේ බව කීය.

Related posts

සෞඛ්‍ය වෘත්තීය සමිති ඇමති සමඟ සාකච්ඡාවක

Admin

ආබාධිත දරුවෙකු බිහිකළ වරදට කාති උසාවිය දුන් නරුම තීන්දුව

colombotoday

හෙට පැය 4 යි විනාඩි 40 ක් හෙට ලයිට් නෑ…

colombotoday

“නත්තල් සමරන්න ජනතාවට ආර්ථික තත්වයක් නැහැ”

colombotoday

‘කොන්ත්‍රාත්වලට මිනී මරපු අය රණවිරුවන් ලෙස හැදින්විය හැකිද’ රණවිරුවන් ගැන එන්ජීඕ මතය සමන් රත්නප්‍රිය කියයි

colombotoday

විමල්ගේ අයියා FCID අත්අඩංගුවට ගනී

colombotoday