Colombo Today Local News

සභාපති පොල් පිත්තෙන් කැපුවත් මිල්කෝ ලාභ ලබන්න පුලුවන්

පොල්පිත්තකින් කැපූ සභාපතිවරයෙක් මිල්කෝ සභාපති පුටුවේ වාඩි කළද ආයතනය ලාභ ලබන බව හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

හිටපු අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ මිල්කෝ ආයතනය ලාභ ලැබූ බවට පළවෙන ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් අඟුණකොළපැලැස්ස නිවෙසේදී මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමිනි.

හිටපු අමාත්‍යවරයා මෙසේද කීවේය.

“මිල්කෝ ආයතනය මිලියන දෙදහසක් ඉක්මවූ වෙළෙඳාමක් කළා කියලා ලොකු ප්‍රවෘත්ති පළවෙනවා. මම මේ ගැන උනන්දුවෙන් බලාගෙන හිටියා කොහෙන්ද මේ මැජික්කාරයා ආවෙ කියලා. එතුමා ආවට පස්සේ කිරි එළදෙනුන්ට ක්ෂණිකව කිරි එරුණාද කියන එක ගැන ප්‍රශ්නයක් තියෙනවා.

මිල්කෝ ආයතනය කියන්නේ දිගින් දිගටම පාඩු ලැබූ ආයතනයක්. පසුගිය කාලයේදී ඉතාමත් අභාග්‍යසම්පන්න තත්ත්වයකට පත්වුණා. මම මෙයට නව සභාපතිවරයෙක් පත්කරලා විවිධ ක්‍රියාමාර්ග රාශියකට ප්‍රවේශ වුණා. වෘත්තිය සමිති පවා සහාය දුන්නා. එහි ප්‍රතිඵලයක් විදියට කිරි ලීටර හැටපන්දහස දක්වා අඩු වී තිබූ දෛනික කිරි එකතු කිරීම එක්ලක්ෂ හැටදහස ඉක්මවලා ගන්න පුළුවන් වුණා. එය වරින් වර වේගවත්ව වුණා. එය සතියෙන් දෙකෙන් ආව දෙයක් නෙවෙයි. මාස ගණනාවක් තිස්සේ කළ ක්‍රියාවලියේ ප්‍රතිඵලයක්.

වෙළෙඳාමට අලුත් නියෝජිතයන් පත් කළා. ඒ අයට අවශ්‍ය පහසුකම් දුන්නා. අවුට්ලට් වැඩි කළා. ඒකේ ප්‍රතිඵලයක් විදියට අලෙවිය වේගයෙන් වැඩි වුණා. මෙය ලොකු ප්‍රවෘත්තියක් වෙන දෙයක් නෙවෙයි. තවමත් මිල්කෝ ආයතනයේ යම් ණය මුදල් සිරවීමක් තියෙනවා. හැබැයි ආයතනය ගොඩදාන්න පුළුවන්. ඒ වැඩපිළිවෙළ අපි හදලයි තිබුණේ. පොල්පිත්තකින් කපපු සභාපති කෙනෙක් පුටුවේ වාඩිකරලා තිබුණත් ඒ හදපු යාන්ත්‍රණය ක්‍රියාත්මක වුණොත් අනිවාර්යෙන් ලාභ ලබනවා. මෙය හොඳින් පවත්වාගෙන යන්න පුළුවන් ආයතනයක්.

දේශීය කිරි නිෂ්පාදනයේ වැඩි වීමක් තියෙනවා. අවුරුදු දෙකක් තිස්සේ අපි කළ දේවල්වල ප්‍රතිඵලයක් එය. එතකොට වැඩි කිරි ප්‍රමාණයක් මිල්කේ ආයතනයටත් එනවා. හොඳ ඉල්ලුමකුත් තියෙනවා. ඒ නිසායි වෙළෙඳාම වැඩිවෙන්නේ. ලබන මාසේ වෙද්දි තවත් ප්‍රවෘත්තියක් මවා ගන්න පුළුවන් තවත් වැඩි වුණා කියලා. හැබැයි දවස් ගණනාවකින් වෙළඳාම් වැඩි වුණා කියන කතාව පදනම් විරහිත කතාවක් . මේ වගේ අය තමයි රටේ ජනතාව අන්දන්නේ. මේ වගේ අය දාලා ආයතන පවත්වාගෙන යන්න පුළුවන්ද කියන සැකය අපිට තියෙනවා.”

– Aruna

Related posts

ගිලන්රථයක ගැටී 9 හැවිරිදි දරුවෙක් ජීවිතක්ෂයට

Admin

රන්ජන්ට නිදහස ඉල්ලා ඒක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක්

colombotoday

පාර්ලිමේන්තු කටයුතු අරඹයි

Admin

විපක්ෂ නායකව ඇසුරු කළ 15කට රතු නිවේදනයක්

colombotoday

ජාතික ආරක්ෂාව කමිටුවෙන් සරත් ෆොන්සේකා ඉවත් වෙයි

Admin

පාරිභෝගික කටයුතු අධිකාරියෙන් සිදුවන අසාධාරණ හා අකටයුතුකම් | පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය අධිකාරියට යාමට සුදානම්

colombotoday