Colombo Today Local News

ආලෝක සංඥා නිවා පොලිස් නිලධාරීන්ට රථ වාහන පාලනය තහනම්

ආලෝක සංඥා අක්‍රීය කර රථවාහන පාලනය නොකරන ලෙස වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පොලිසියට උපදෙස් දී තිබේ.

රථවාහන ආලෝක සංඥා සවිකර ඇති ස්ථානවල එම ආලෝක සංඥා අක්‍රීය කර පොලිස් නිලධාරීන් රාජකාරියේ යෙදවීම ආලෝක සංඥා පුවරු සවිකිරීම මගින් අපේක්ෂා කරන ලද අරමුණුවලට පටහැනි බවයි, වැඩ බලන පොලිස්පතිවරයා පෙන්වා දෙන්නේ.

එසේම එම ස්ථානවල රථවාහන පාලනයට රාජකාරි සඳහා යොදවනු ලබන පොලිස් නිලධාරීන්ගේ ශ්‍රමය අපතේ යෑමක් එමගින් සිදුවන බව ද හෙතෙම පෙන්වා දී තිබේ.

මින් ඉදිරියට රථවාහන අලෝක සංඥා පුවරු මගින් රථවාහන පාලනය වීම ප්‍රමාණවත් නොවන අවස්ථාවක හැර ආලෝක සංඥා නවතා පොලිස් නිලධාරීන් රථ වාහන පාලනය කිරීම නොකළ යුතු බව අවධාරණය කර තිබේ.

Related posts

වන සංචාරක නිවාස සහ කඳවුරු බිම් ආශ්‍රිත සංචාරක කටයුතු තාවකාලිකව අත්හිටුවයි

colombotoday

“බලහත්කාරයෙන් එන්නත ලබා දෙන්නේ නෑ. පොදු ස්ථානවලදී එන්නත ගත් බව තහවුරු කිරීම අනිවාර්ය කරනවා.”

colombotoday

බෙංගමුවේ නාලක හිමි ඇතුළු හිමිවරුන් සිව් දෙනාට අධිකරණය අද දුන් තීන්දුව…

colombotoday

අස්ගිරි – මල්වතු උපසම්පදා විනය කර්ම දින නියමයක් නැතිව කල් දමයි

colombotoday

සෞදි අරාබියේ ගෘහ සේවයට ගිය කතට අල්පෙනෙති ගහලා

Admin

විල්පත්තු සංහාරය නොනවතී.. බදුර්දීන්ට යටවූ වන නිලධාරීන් ජනපතිත් අන්දන්න යයි (Video)

colombotoday