Colombo Today Local News

ලංවිම බෝනස් දෙන්න ඕන සේවක කාර්‍යක්ෂමතාව මත

විදුලි බල මණ්ඩලය ලාභ ලැබුව ද පාඩු ලැබුව ද සේවකයන්ට ප්‍රසාද දීමනා ගෙවීමේ ක්‍රමය තමා වෙනස් කළ හිටපු බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසයි.

හිටපු ඇමැතිවරයා පෙන්වා දෙන්නේ විදුලි බල මණ්ඩල සේවක කාර්යක්ෂමතාව සහ ඔවුන් දරන අවදානම මත ප්‍රසාද දීමනා ගෙවීමේ ක්‍රමයක් සකස් කොට තමන් කැබිනට් අනුමැතිය ද ලබා ගත් බවයි.

එහෙයින් රංජන් ජයලාල් ප්‍රකාශ කරන පරිදි සියලු ම සේවකයන්ට එකම ආකාරයට බෝනස් දිය නොහැකි බව ද ඔහු අවධාරණය කරයි.

හිටපු ඇමැතිවරයා ප්‍රකාශ කරන්නේ අවුරුද්දේ 365 දවසම වෘත්තීය සමිති කටයුතු සඳහා යැයි සේවයෙන් නිදහස්ව සිටින අයකුට ප්‍රසාද දීමනා දිය යුතු නැති බවයි.

එසේම ප්‍රසාද දීමනා ගෙවීමට පෙර සැප්තැම්බර් මස සිදුකළ යුතුව තිබූ විදුලි බිල සංශෝධනය කළ යුතු බවත් එසේ නොමැති නම් එම මුදල ද සමග සුවිශාල ලාභයක් පෙන්විය හැකි බවත් ඔහු සඳහන් කරයි.

පෞද්ගලික ගුවන්විදුලි නාලිකාවක් සමග සාකච්ඡාවකට එකතු වෙමින් කාංචන විජේසේකර මේ බව කීය.

Related posts

නිර්මාල්/ජයදේව යහපාලන දෙඇදුරෝ ජාතික අධ්‍යාපන ආයතන පාලක සභාවෙන් නෙරපයි !

colombotoday

මෙම වසර තුළ ජනතාවට සහන පැකේජයක්

Admin

TNA මන්ත්‍රී වෙනම රටක් වෙනුවෙන්, ඊළාම් සමුළුව අමතයි.. අත්අඩංගුවට ගැනීමේ නියෝග නෑ !!

colombotoday

ඩොලරයේ විකුණුම් මිල රුපියල් 370ට නගී

colombotoday

මම ලෝයර් කෙනෙක් වුනේ හරි පාරේ ගිහින්

Admin

ඉන්දීය යුද හමුදා ප්‍රධානි අද ජනපති හමුවෙයි

colombotoday